22.6 C
London
Thursday, June 19, 2025
spot_img

“පන්සල් වල යන එක නවත්වන්නේ නෑ “

ඉදිරි පරපුර ආගමට, දහමට, රටට, ජාතියට ආදරය කිරීමට යොමු නොකොට එලෙස කරන පුද්ගලයා හාස්‍යයට ලක් කිරීමට නායකයින් ක්‍රියා කළහොත් එය උඩ බලා කෙළ ගසා ගැනීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය. හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ සිතුල්පව්ව රජමහා විහාරයේ ‍පොසොන් ‍පොහෝ දින (02) පැවැති ආලෝක පූජාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහිදී හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ සෑම විටම අනාගත පරපුර ආගම දහමට යොමු කිරීම උදෙසා අවශ්‍ය ආදර්ශය නායකයින් විසින් ලබා දීමට වගබලා ගත යුතු බවයි.

විහාරස්ථානවලට ගොස් ආගමික වතාවත්වල යෙදීම පිළිබඳව විවිධ පුද්ගලයන් නොයෙක් චෝදනා කළද විවේචන කළද ඒ හරහා තමා බලා‍පොරොත්තු වන්නේ අනාගත පරපුර උදෙසා ආදර්ශයක් ලබා දීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

තරුණ පරපුර හා දරුවන් ආගමට දහමට ලැදි නොවුණහොත් ඉදිරි සමාජය පිරිහීමට ලක්වෙනවා. එවිට රටට සිදුවන විනාශය අති විශාල බව හිටපු ජනාධිපතිවරයා පැවසීය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles