12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

“අපේ ගෙදර කුරුම්බා කපපු අයත් මට ද්‍රෝහි වෙලා “

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මඩ දේශපාලනයෙන් බැහැර පුද්ගලයකු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජාතික පුවත්පතක් සමඟ ඊයේ (15 දා) කළ දුරකථන සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

තමාගෙන් උදව් ලබාගත් උදවිය පවා තමාට මඩ ගැසුවත් රනිල් වික්‍රමසිංහ මහතා එසේ මඩ නොගසන බව ද හෙතෙම කියා සිටියේය.

ඒ මහතා මෙසේ ද පැවසීය.

මඩ ගැහිල්ලෙත් සීමාවක්‌ තියෙන්න ඕනෑ. අපේ මුළු පවුලටම මඩ ගහනවා. දැන් මම මාතරට යන්නත් ඕනෑ සමහරුන්ගෙන් අහලයි. මාතරට යන එන කතා එයාලට කියන්නත් ඕන නැහැ. මම මීට කලිනුත් මාතර ගිහින් තියෙනවා.

මෙහිදී  ප්‍රශ්නයකට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා මෙසේ ද සඳහන් කළේය.

“අද මාධ්‍යය මාව කාටූන්වලට අරගෙන. මම ඒ කාටූන් බලලා ලොකු සතුටක්‌ ලබනවා. මාධ්‍ය මට කවදත් හිතවත්. ඔවුන් සමබර විදියට කතා හසුරුවනවා.

මට පුදුම මගෙන් වැඩිපුර උදව් ගත්ත උදවියයි මට විරුද්ධව වැඩ කරන්නේ. එයාලගේ µයිල් තියෙන්නේ මගේ ළඟයි. අපේ ගෙදර කුරුම්බා කඩපු අයත් මට ෙද්‍රdaහිකම් කරනවා. ඒවට මම තරහ ගන්නේ නැහැ. සමාජයේ හැටි ඔහොම තමයි.

වාසුදේව නානායක්‌කාර මහතා පාර්ලිමේන්තුවේදී අසභ්‍ය වචනයෙන් බැණවැදීම පිළිබඳව අප නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේ එයාට ටිකක්‌ කේන්ති ගිහිල්ලා තිබෙනවා. රනිල් මහත්මයා ඔහුට වාඩිවෙන්න කිව්වා. නැගිටින්න කිව්වා. නමුත් රනිල් මහත්තයා ළඟ මඩ දේශපාලනයක්‌ නැහැ.

-දිවයින

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles