12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

මහින්ද‍ගේ සිහිනය බොඳවෙයි

ඉදිරි මහ මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමේ යෝජනාව ප‍්‍රතික්ෂේප වී තිබේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් එම යෝජනාව ප‍්‍රතික්ෂේප කල බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා ප‍්‍රකාශ කලේය.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා මැතිවරණයට තරග වදින්නේ නම් තමාගේ විරුද්ධත්වයක් නොමැති බව මෛත‍්‍රීපාල සිරිසේන මහතා මීට පෙර ප‍්‍රකාශ කර තිබුණා.

එබැවින් මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා කිරීමේ රැලි ඉදිරියේදී නිදහස් පක්ෂයේ මැතිවරණ රැලි බවට පත්වනු ඇති බවයි සන්ධාන මහලේකම් සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා මීට පෙර ප‍්‍රකාශ කලේ.

කෙසේ වෙතත් නව තත්වයත් සමග ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අර්බුධ උත්සන්න වනු ඇති බවටයි වාර්තා පලවන්නේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles