තවත් සතියකින් පමණ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට පත්වනු ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ සීනිගම දේවාලයේ පැවැති පූජාවකට එක්වෙමින්. දිගින් දිගටම මෙවැනි පලිගැනීම් සිදුවන බවත් දෙවියන් ඒවා බලාගනු ඇති බවත් හිටපු ජනපති සදහන් කර තිබෙනවා.කුමන තත්ත්වයක් මත වුවද ජනතාව තමන් සමග සිටින බවත් මේ දිනවල වැඩියෙන්ම කාලය ගතවන්නේ පන්සල්වල දේවාලවල බවත් හිටපු ජනපතිවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.තමන් ඩොලර් බිලියන 18 ක මුදලක් සගවා ඇතැයි විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා කරන ප‍්‍රකාශ දෙවියන් පමණක් දන්නා බවයි ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
මේ අතර අද කොළඹ බෞද්ධාලෝක මාවතේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට පැය තුන හමාරකට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීම්වලට ලක් වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තනිවම අවුත් තනිවම නික්ම ගිය බව වාර්තා වෙයි.ගිය වර මෙන් ඔහුගේ සහායට කිසිවෙක් නොවීය.කැරලි මර්දන බලෑණියක් හා ජල ප්‍රහාරක රථ දෙකක් අසල අතුරුපාරවල නවතා තිබිණි.කලින් ඔහු පැමිණි දිනයේ උසාවි නියෝගයක් ද නොතකා උද්ඝෝෂණය කළ ගිහි පැවිදි දෙපිරිසට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇත.හිටපු රජයේ ප්‍රභල උපදේශකයන් ඇතුළු මහා සංඝරත්නය ද, හිටපු මන්ත්‍රීවරු ද ඇතුළු 27 දෙනෙක් ඒ සිද්ධිය සම්බන්ධයෙන් ඇප පිට සිටිති.
එදා මාධ්‍යයට කතා කළ ගෝඨාභය අද මාධ්‍යයට කතා කළේ ද නැත.