22.6 C
London
Thursday, June 19, 2025
spot_img

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරිමට මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කරන බව හෙළිවීමත් සමඟ අපේ ශ්‍රිලංකා නිදහස් පෙරමුණ‍ නම් පක්ෂයක් යටත් නාම යොජනා සැකසීම ආරම්භ කර ඇත.

ආචාර්ය උපාලි කරුණාතිලක මහතා‍ ලේකම් ධුරය දරන ශ්‍රීලංකා ජාතික පෙරමුණ පසුගිය බ්‍රහස්පතින්දා මේ සඳහා සිය නාමය අපේ ශ්‍රීලංකා නිදහස් පෙරමුණ ලෙස වෙනස් කළේය.  මේ අතර එහි පැරණි සංකේතය වු ක්‍රිකට් පිත්ත වෙනුවට මල් පොහොට්ටුව යොදා ගැනීමට මැතිවරණ කොමසාරිස් වරයා අවසරය ලබාදී තිබේ.

අද  අළුයම මිරිහානේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ පැවති සාකච්චාවකදී තිරණය වුයේ පක්ෂයේ නම සඳහන් නොවන නාම යෝජනා ලැයිස්තුවක් දිවයිනේ දිස්ත්‍රික්ක 18කට සකස් කිරීමට  ජනාධිපති ලේකම් කාර්යාලයේ දීර්ඝ කලක් සේවය කළ කලමණාකරුවකු විසින් මේ වනවිට එම නාමයෝජනා සැකසීමේ කටයතු  රහසිගතව සිදුකරමින් සිටියි.

මේ අතර තම සමීපතම හිතවතුන් අතහැර දමා වෙනම තරඟ කිරීමට තමන්ට ඇති නොහැකියාව හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතාද අවශය වන්නේ නම් මල් පොහොට්ටුව පුබුදුවන්නට එකඟ  වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

නාමල් රාජපක්ෂ
බැසිල් රාජපක්ෂ
මහින්දානන්ද අලුත්ගමගේ
ඩිලාන් පෙරේරා
සජින් වාස් ගුණවර්ධන
රෝහිත අබේගුණවර්ධන
එස් එම් චන්ද්‍රසේන
ටී බී ඒකනායක
දුමින්ද සිල්වා
මර්වින් සිල්වා
ලක්ෂ්මන් වසන්ත පෙරේරා
ධනසිරි අමරතුංග
විමල් වීරවංශ
දිනේෂ් ගුණවර්ධන

යන අයට නාම යෝජනා ලබාදීම මේ වන විට ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles