19.2 C
London
Monday, May 19, 2025
spot_img

මහින්ද අගමැති තරඟයෙන් ඉවතට

ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලනීපයේ අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම සඳහා දැරු සියළු උත්සාහයන් අසාර්ථක වීමෙන් පසුව ඒ වෙනුවට තම පවුලේ හිතවතකු හෝ ඉදිරිපත් කිරීම සඳහා මේවන විට සැලසුම් කරමින් සිටී.

පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ මහින්ද රාජපක්ෂ විසින් පැවැත්වූ සාකච්ඡාවේදී අගමැති අපේක්ෂක ධුරය කිසිලෙසකින්වත් රාජපක්ෂ මහතාට ලබා නොදෙන බව දැඩිව ඔහු පවසා ඇත. එමෙන්ම ශ්‍රී ලනීපයේ කිසිවකුත් අගමැති අපේක්ෂකය ලෙස නම් නොකිරීමටත් ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

කෙසේ නමුත් ශ්‍රී ලනිපයෙන් වෙන්ව වෙනම කණ්ඩායමක් ලෙස මහ මැතිවරණයට ඉදිරිපත් වන බව රාජපක්ෂ පාර්ශ්වයෙන් ප්‍රකාශ්යට පත් කෙරුණද ඊට මහින්ද රාජපක්ෂ මහතා විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත්තේ ඉන් තමාට ජය ගත හැකි වූවද අන් කිසිවකුට ජයගත නොහැකි බව ගනන් හිලව් ඇතිව පෙන්වා දීමෙනි.

මේ තත්වය මත වඩාත් අර්බූදයට ගොස් ඇත්තේ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල දෙදෙනාය. මේ නිස මේවන විටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ යම් එකඟතාවයකට පැමිණීම සඳහා ඔවුන් සිය හිතවතුන් මාර්ගයෙන් උත්සහ කරමින් සිටින බවත් වාර්තාවේ. කෙසේ නමුත් රාජපක්ෂ පවුලේ හිතවතකු අගමැති අපේක්ෂකයා ලෙස නම් කරවා ගැනීමද ඔවුන්ගේ උත්සය වී තිබේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles