හිටපු ජනපති මහින්දගේ අත්සන සහිත ඔප්පු නව රජයෙන් බෙදාදෙයි.

-හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයට දින දෙකකට පෙර අත්සන් කළ ඉඩම් ප්‍රදාන පත්‍ර තොගයක් නව රජයේ නියමයෙන් අඟහරුවාදා (24) යාපන කච්චේරියේදී බෙදා දුන් බව යාපනය දිසාපති සුන්දරම් අරුමෙයිනායගම් මහතා පවසයි. රන්බිම ඔප්පු එහි දී ප්‍රදානය කිරීම ද මෙම උත්සව අවස්ථාවේදී සිදුවිය.

දින සියයේ ජාතික වැඩසටහන යටතේ යාපනයේ ජනතාවට ඉඩම් අයිතිය පිරිනැමීම සංකේතවත් කරමින් ඉඩම් අක්කර 425ක අයිතිය පසුගිය සඳුදා (23) නව රජයේ නායකයෝ යාපනයේ දී ද, ඊට පෙර දින (23) උතුරු වැසියනට පිරි කැමීම සිදු කරන ලදී. අධි ආරක්ෂක කළාපයෙන් නිදහස් කළ අක්කර 1000ක් ඉඩම් ඔවුනට බාර දුන්හ. මෙම උත්සවයට රජයේ ඉහළම පෙළේ නියෝජිතයෝ සහභාගී විය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරංතුග මැතිනිය ද ඊට සහභාගි වූහ. එවැනි නියෝජිත පිරිසක් යාපනයට ගිය පළමු අවස්ථාව වනුයේද මෙයයි. මාර්තු 23 වැනි දා දුන් රන්බිම ඔප්පු ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරිය සහ යාපනය දිසාපති අත්සන් තබා තිබූ අතර. එම ඔප්පු සමඟ ජනපතිගේ, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ඉඩම් ඇමැති එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන මහතාගේ සුබපැතුම් පණිවිඩ ද විය. ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ප්‍රදාන පත්‍ර ලෙස හැඳින්වූ ඔප්පු තොගයක් 24 වැනි දා කච්චේරියේ දී බෙදා දුන්හ. එහි මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ අත්සන තබා තිබිණි. ඒ සමඟම හිටපු ජනපතිගේ හා හිටපු ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ පණිවුඩය ද එහි ඇතුළු කර තිබිණි.
හිටපු ජනපති ඉඩම් ප්‍රදාන පත්‍රවලට අත්සන් කර ඇත්තේ 2015 ජනවාරි හය වැනි දිනය. එනම් ජනාධිපතිවරණයට දින දෙකකට පෙර ය. යාපන ඉඩම් ලේකම් කාර්යාලයයේ එම ප්‍රදාන පත්‍ර ලියාපදිංචි කර ඇත්තේ 2015 පෙබරවාරි 11 වැනි දිනය.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...