13.5 C
London
Friday, April 25, 2025
spot_img

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය යන්න ඕන අපේ සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමාට. මිනිහ පෙරේදා මැදමුලනට එන්නැතුව මෛත්‍රී එක්ක පන්සල් ගිහින් මීඩියාවල ෆොටෝ දාගෙන ගානට මෛත්‍රීව ඇන්දුවා. ඉතුරු ටික මම බලාගන්නම්’ යනුවෙන් හිටපු ජනාධිපති පී. මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ පෙරේදා (03) රාත්‍රියේ බස්නාහිර පළාත් සභා මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසට එක්රැස් වූ මහින්ද පිළේ ප්‍රභලයන් අමතමිනි.

තවදුරටත් කරුණු දක්වා ඇති මහින්ද රාජපක්ෂ මහතා ‘මෛත්‍රී කියන්නෙ අපේ ප්‍රධාන හතුරා නෙවෙයි. අපේ ප්‍රධාන හතුරා යූ.එන්.පී. එක. දැන් යූ.එන්.පී. එකට කුඩුවෙන්න ගහන්න පටන් ගන්න. කෝප් වාර්තාව, බැඳුම්කර වංචාව, ඩයස්පෝරා සාකච්ඡා ඉස්සරහට දාල යූ.එන්.පී. එක නැති කරන්න. මෛත්‍රීව බය කරල මම නොමිනේෂන් ගත්ත වගේ අපේ හැම එකාටම මම නොමිනේෂන් අරන් දෙනවා. යූ.එන්.පී. වෙබ්සයිට්වලින් දැනටමත් මෛත්‍රීට ගහන්න පටන් අරන්. මේ වෙලාවෙ අපේ මීඩියාවලින් අපි මෛත්‍රීව ආරක්ෂා කරන්න ඕන. දේශපාලන ඔටු න්‍යාය (පළමුව කූඩාරම තුළට ඔළුව දමා පසුව ඇඟ දමාගැනීම) මම ඉගෙන ගත්තෙ ආර්. ප්‍රේමදාසගෙන්. දැන් මං ඔළුව දාගෙන ඉවරයි. ඉතුරු හරිය මං කරගන්නම්. කට්ටියම දැන් මං කියන විදියට වැඩ කරන්න.’ යනුවෙන් පවසා ඇත්තේ ජයග්‍රාහී විලාශයෙනි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles