වාස්, මහින්දානන්ද ඇතුළු හත්දෙනෙකුගේ වත්කම් සොයයි.

-හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන,හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ, වරාය අධිකාරියේ හිටපු සභාපති ප්‍රියාත් බන්දු වික්‍රම හා ඔවුන්ගේ ඥාතීන් හය දෙනකුගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් විමර්ශනයට රාජ්‍ය හා පෞද්ගලික බැංකු ඇතුළු මුල්‍ය ආයත 81 කින් විස්තර ලබා ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා රහස් පොලිසියට අවසර දෙන ලදී. මුදල් විශුද්ධිකරණ පනත යටතේ අදාල විමර්ශන කෙරෙන බව මෙහිදී අධිකරණයට දැන් වු රහස් පොලිසිය අදාල තනතුර දරමින් කෙටිකලකින් ඔවුන් උපයා ගෙන ඇති මුදල් හා දේහළ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව ද සඳහන් කරන ලදී.
බැංකු මූල්‍ය ආයතන හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ඉඩම් රෙජිස්ටාර් කාර්යාලවලින් ද අදාල විස්තර ලබා ගත යුතුව ඇතැයි ද රහස් පොලිසිය ඉල්ලා සිටී අතර අධිකරණය මගින් අදාළ ආයතන 81ට ඒ සඳහා නියෝග නිකුත් කෙරිණි.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...