Wednesday , 22 January 2025

මෛත්‍රී – මහින්ද එක්වන ලකුණු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීමට බාධාවක් නොමැති බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සන්ධානයේ සෙසු පක්ෂවල නායකයන් වෙත දැනුම් දී තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් ඊයේ (11) පස්වරුවේ පැවැත්විණි.

මෙහිදී 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස සාකච්ඡාකර ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර හිමි සියළු පක්ෂවල නියෝජිතයන්ට මෙම සාකච්ඡාව සඳහා ආරාධනා කර තිබුණත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඊට සහභාගී නොවීමද විශේෂත්වයක්.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම පසුගියදා රැස්වී ගත් තීරණ සම්බන්ධයෙන් ද සන්ධාන පක්ෂ නායකයන් දැනුවත් කර ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියළු දේශපාලන පක්ෂ එක් මැයි රැළියක් පැවැත්වීමේ වැදගත්කමද මෙහිදී සාකච්ඡාවට ගෙන ඇති අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්, හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ ඒ පිළිබඳ අවසන් තීරණය අලූත් අවුරුද්දෙන් පසුව ගතයුතු බවට එකඟත්වයකට පැමිණි බවයි.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...