12.6 C
London
Thursday, May 15, 2025
spot_img

නිළි කප්පම් ගැන මාලනී හෙළිකරයි

තමා පසුගිය කාලේ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණය නොකළේ එදා ජාතික රූපවාහිනියේ සිටි සංවිධානාත්මක කල්ලියකට කප්පම් දීමට තිබූ දැඩි අකමැත්ත නිසා යෑයි ප්‍රවීණ සිනමා නිළි පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලනී ෆොන්න්සේකා මහත්මිය ඊයේ (11 දා) පැවසුවාය.

පසුගිය කාලේ ඇතැමුන් අධ්‍යක්‍ෂණය කළ ටෙලිනාට්‍ය දවසෙන් දෙකෙන් රූපවාහිනියේ විකාශනය කළා. මම මේ වැඩවලට තදින්ම විරුද්ධ වුණා. ඔවුන් මගේ ඉල්ලීමකටත් කන්නොදී මුදලට තැනදී ටෙලිනාට්‍ය ප්‍රදර්ශනය කළා. මේ අනුව පසුගිය කාලයේ ඉතා දුර්වල මට්‌ටමේ ටෙලිනාට්‍ය පවා විකාශනය වුණා.

මේ කල්ලියේ සමහරු තාමත් රූපවාහිනියේ සේවය කරනවා. එදා කරපු දේවල් ඉදිරියටත් කරන්න දෙන්න එපා කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා.

මෙම තත්ත්වය අනුව පසුගිය කාලයේ මා රඟපෑ ටෙලි නාට්‍ය පවා විකාශනය කිරීමට භාරගත්තේ නැහැ. ඊට හේතුව අසාධාරණයට එරෙහිව මා ක්‍රියා කිරීම හා ඔවුන්ට මගෙන් සල්ලි ගන්න බැරි නිසයි.

රූපවාහිනී ටෙලිනාට්‍ය විකාශනය කිරීම සඳහා මුදල් සහ ලිංගික අල්ලස්‌ ලබා ගත් බවට පසුගිය රජයේ හිටපු ඇමැතිවරයකු වෙත චෝදනා එල්ල වී තිබිණි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles