17.1 C
London
Thursday, November 13, 2025
spot_img

මල්වතු නාහිමියන් හෙළ උරුමයට සහතිකයක් දෙයි

ජාතික හෙළ උරුමයේ නියෝජිත පිරිසක් මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැක තිබේ.

පක්ෂ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි, මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨළී චම්පික රණවක මහතා මේ සඳහා එක්ව සිටි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

එහිදී අදහස් දක්වා ඇති අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් ප්‍රකාශ කර ඇත්තේ රටේ ඒකීයභාවය සුරැකීම සම්බන්ධයෙන් විශ්වසනීයම පාර්ශවය ජාතික හෙළ උරුමය බවයි.

රටේ ඒකීය රාජ්‍ය සංකල්පය ස්වෛරීභාවය , භෞමික අඛණ්ඩතාවය සුරක්ෂිත කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි එහිදී ප්‍රකාශ කර තිබේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles