ජනපති මෛත්‍රිට වෙබ් අඩවිය ඔස්සේ මඩ ගැසු පුද්ගලයා රිමාන්ඩ්

-ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට මඩ ගැසීමේ චේතනාවෙන් “මේ සැරේ මගේ ඡන්දෙත් මහින්ද රාජපක්ෂට” යනුවෙන් සටහන් කැර අසත්‍ය තොරතුරු හා ඡායාරූප අන්තර්ජාල ෆේස්බුක් ගිණුම් වෙත යොමුකළ බදුල්ලේ පුද්ගලයකු ලබන 1 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කරන ලදී. බදුල්ලේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ සුජිත් නිලන්ත නමැති මේ සැකකරු නේපාලයේ සිට මෙරටට පැමිණීමේදී පසුගිය 25 වැනි දින රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

ජනාධිපතිවරණය පැවැති ජනවාරි 8 වැනි දිනට පෙර අසත්‍ය තොරතුරු හා ඡායාරූප අන්තර්ජාල ෆේස්බුක් ගිණුම් වෙත හා මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්ද ව්‍යාපාරයේ නියැළි පුද්ගලයින්ගේ ජංගම දුරකථනවලට ලබා දී 1995 අංක 22 දරන පනතින් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය ප්‍රකාරව ජනපතිවරණ ඡන්ද විමසීම් පනතේ 80 (1) ඇ වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබීමේ වරදක් කිරීම යන චෝදනා යටතේ සැකකරු මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබ අැත. ඒම සැකකරු වෙනුවෙන් ඔහුගේ නීතිඥවරයා කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා චෝදනාවේ බරපතළකම පෙන්වා දී ලබන 1 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට නියෝග කළ අතර 2014 වසරේ කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ පතිරණගේ අනුරාධා ශ්‍යාමලී මහත්මිය කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සුජිත් නිලන්ත සැකකරු ද කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ අයකු බව පැමිණිල්ලේ සඳහන්ව ඇත.

සැකකරු අන්තර්ජාල ෆේස්බුක් ගිණුම් වෙත යොමු කැර ඇති ඡායාරූප ඇමැති ඩිලාන් පෙරේරා මහතා සමඟ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඡන්ද ව්‍යාපාරයේ නියැළි පුද්ගලයකුගේ ෆේස්බුක් ගිණුමට යොමුකැර ඇති අතර එම පුද්ගලයා සාක්ෂිකරුවකු ලෙස නම් කර ඇත. දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරළ මහතාගේ ෆේස්බුක් ගිණුමේ ද මෙම ඡායාරූප දක්නට තිබී ඇති අතර දැනට එම ඡායාරූප නොමැති බව අතුකෝරළ මහතා සාක්ෂි ලබා දී ඇති අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශ අනුරාධපුර ශාඛාවේ පොදු සහකාරවරයකුගේ හා පොදු සහකාරවරියක්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පරිගණක උපදේශකවරයකු නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කැර ඇත. සැකකරු පැමිණිලිකාරිය හා කොරියාවේ තානාපති කාර්යාලයේ සේවය කිරීමේදී ඇතිකැර ගත් පුද්ගලික විරසකවීමක් හේතුවෙන් මෙම අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවට ජනවාරි 21 වැනි දින කළ පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත.

Check Also

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...