චන්ද්‍රයා මත මිනීමැරුමක්

මිනිස් වර්ගයාගේ මීළග ඉදිරි පිම්ම ලෙස 2055දී චන්ද්‍රයා මත මනුෂ්‍ය ඝාතනයක් සිදුවනු ඇති බව තමන් විශ්වාස කරන බව නාසා ආයතනයේ පරිපාලන නිලධාරී චාල්ස් බෝල්ඩන් පවසා තිබේ.

ඔහු මේ බව පවසා ඇත්තේ චන්ද්‍රයා මත මිනිස් ජනාවාසයක් ඉදිකිරීමේ නාසා ආයතනයේ සැලැස්ම පිළිබඳ දැනුවත් කිරීම සඳහා වොෂින්ටනයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මින් වසර 10කට පෙර මෙවැනි සිදුවීමක් කිසිදාක සිදුවිය නොහැක්කක් ලෙස සැලකුණද මේ වන විට එය කුමන කාලයකදී සිදුවේදැයි සැලකිය යුත්තක් බව බෝල්ඩන්ගේ අදහසයි. චන්ද්‍රයා මත ඉදිකෙරෙන මනුෂ්‍ය ජනාවාසයේ ඉදිකිරීමේ කටයුතු සඳහා දශක 4ක් ගතවනු ඇතැයි පැවසේ.

සැලසුමට අනුව 2045 වන විට චන්ද්‍රයාගේ මාරේ ට‍්‍රැන්ක්විලිටාටිස් සහ ප්ටොලමියස් ආවාටය ප‍්‍රදේශයේ ඉදිකෙරෙන ජනාවාසයේ අධි පීඩන නිවාස වල මිනිසුන් පදිංචි කිරීම ඇරඹෙනු ඇති අතර 2047 වන විට අවි ආයුධ රැස් කිරීම ආරම්භ වනු ඇතැයි නාසා ආයතනය පවසයි.

2055දී චන්ද්‍රයා මත පළමු මනුෂ්‍ය ඝාතනය සිදුවීමට පෙර තවත් මංසළකුණු ගණනාවක් මිනිස් වර්ගයා විසින් පසුකරනු ලැබීමට නියමිත බව මෙම මාධ්‍ය හමුවේදී පවසා ඇතැයි වාර්තා වේ.

ඉදිරි වසර 10 තුළ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ පළමු මිනිස් ඝාතනය සිදුවනු ඇති බවත් 2035 වන විට ශුන්‍ය ගුරුත්ව තත්වයක් තුළ පළමු සියදිවි නසාගැනීම සිදුවනු ඇති බවටත් නාසා ආයතය පුරෝකථනය කර තිබේ.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...