දෙනෝ දාහක්‌ දෙනා බලා සිටියදී කොටුව බ්‍රිස්‌ටල් වීදියේදී සිරුරට ගිනි තබාගත් පුද්ගලයා

කොළඹ කොටුව බ්‍රිස්‌ටල් වීදියේ දෙනෝ දාහක්‌ දෙනා බලා සිටියදී ඊයේ 03 දා සවස 3.45 ට පමණ පුද්ගලයෙක්‌ තම සිරුරට ගිනි තබාගෙන තිබෙනවා.

ගිනි ඇවිළීමෙන් සිරුර බර පතළ අන්ද මින් පිළිස්‌සීම නිසා ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. අවුරුදු 60 ක්‌ පමණ වයස ඇති මෙම පුද්ගලයා ග්‍රෑන්ඩ්පාස්‌ හි පුංචි තමිල්නාඩුව නම් ප්‍රදේශයේ පදිංචි නිමල් දයාරත්න නමැති අයකු බව පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළිවී තිබෙනවා.

මෙම පුද්ගලයා ගිනිතබා ගැනීමට හේතුව කුමක්‌ දැයි ඊයේ සවස්‌ වනතුරුත් අනාවරණය වී නැත. කලක්‌ නැවක රැකියාව කර ඇති බව කියන මෙම පුද්ගලයා පසුව කොටුව බ්‍රිස්‌ටල් වීදියේ සුළු රැකියාවක්‌
කරමින් සිට ඇත.

ඊයේ සවස 3.45 ට පමණ මොහු දෙනෝදාහක්‌ දෙනා බලා සිටියදී තම සිරුරට පෙට්‍රල් බෝතලයක්‌ වත්කරගෙන එකවරම ගිනි තබාගෙන තිබේ.

මෙම පුද්ගලයාගේ සිරුරට ගිනි ඇවිලී වේදනාවෙන් දඟලද්දී අවට සිටි කිසිවකු එම ගින්න නිවා දැමීමට කටයුතු කර නැත. අවට සිටි පුද්ගලයන් සිරුරට ගිනි තබාගෙන ඔහු දඟලන ආකාරය තම ජංගම දුරකතනවලින් වීඩියෝගත කර ගැනීමට දැඩි උනන්දුවෙන් කටයුතු කළ බව එහි සිටි ඇතැම් අය පැවසූහ.

මේ පුවත කොටුව පොලිසිය වෙත සැළවූ වහාම එහි ගිය පොලිස්‌ නිලධාරීන් බරපතළ පිළිස්‌සුම් තුවාල සහිතව බිම වැටී සිටි පුද්ගලයා රෝහල්ගත කිරීමට කටයුතු කර තිබේ.

තුවාලකරුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. කොටුව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...