‘20 වැනි සියවසේ මහා විමුක්තිදායකයා ඔහුයි. ඔහු නමින් විශාල ඉතිහාසයක් සතුයි. යම්කිසි පුද්ගලයෙක් අගය කිරීම තරමක් අපහසු කාර්යයක්.රටක් සාමය වෙනුවෙන් ගෙනගිය, ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් සතු පුද්ගලයකුගේ ගුණ ගැයීම ඊටත් වැඩිය අපහසුයි‘ යැයි ඇමෙරිකා ජනපති බැරක් ඔබාමා අද (10) ජොහැන්නස්බර්ග් නුවර පැවැති නෙල්සන් මැන්ඩෙලා සමරු උත්සවයේ දේශනයක් කරමින් පැවසීය.
වර්ණභේදවාදය දකුණු අප්‍රිකාවෙන් පමණක් නොව, මුළු ලෝකයෙන්ම තුරන් කිරීමෙහිලා අසමසම මෙහෙයක් ඉටු කළ දකුණු අප්‍රිකා හිටපු ජනපති නෙල්සන් මැන්ඩෙලාගේ දේහය ප්‍රිටෝරියා අගනුවර සොවෙතෝ පාපන්දු ක්‍රීඩාංගනයේ මහජන ගෞරවය වෙනුවෙන් තැම්පත් කෙරුණි.
‘අපි නැවතත් මැන්ඩෙලා කෙනෙකු දකින්නේ නෑ. මම මැන්ඩෙලා හමුවූ හැම අවස්ථාවේම ඔහු මට පැවසුවේ යහපත් මනුස්සයෙක් වෙන්න කියලා‘ යැයි ඔබාමා පවසා සිටියේය.
ඇමෙරිකා ජනපති ඔබාමා වේදිකාවට ගමන් කරන විට අපූරු සිද්ධියක් විය. වේදිකාවට යන අතරතුරදි ඔබමා කියුබාවේ ජනපති රාවුල් කැස්ත්‍රෝට සිය දෑත දගු කළේය. එය අඩ සියවසකට ආසන්න කාලයක් පුරා නොහොඳ නෝක්කාඩු සහිත රටවල් දෙකක් සාමය සඳහා ගමන් කිරීමේ පෙරනිමිත්තක් යැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නෙල්සන් මැන්ඩෙලා නම් ශ්‍රේෂ්ඨ මිනිසා තවත් සාමයක් උදා කළේ යැයි එම සිද්ධිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍යය වාර්තා කළේය.
ඔබාමා වේදිකාවට ගොඩවත්ම ඔහුට විශාල ප්‍රතිචාරයක් ද රැස්ව සිටියවුන්ගෙන් හිමිවිය.
එමෙන්ම මැන්ඩෙලාගේ අවමංගල්‍ය උත්සවය ඇමතූ කියුබා ජනපති රාවුල් කැස්ත්‍රෝ පවසා සිටියේ විප්ලවීය අරගලයේ උදාරතම සංකේතය මැන්ඩෙලා බවයි.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් දේශනයක් පවත්වමින් පවසා සිටියේ අනපේක්ෂිත වෙන්වීමක් නිසා අප දුක්වන බවත් අතිශය සුන්දර ශ්‍රේෂ්ඨ ජිවිතයක් නිස අප සතුටට පත්වන බවත්ය. තවදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා මෙසේ පැවසීය.
‘දකුණු අප්‍රිකාවට වීරයෙක් , පියෙක් අහිමි වුණා. ඔහු අපට සිටි විශිෂ්ට ගුරුවරයෙක්. ඔහු අපට ආදර්ශයෙන් පෙන්නුවා යමක් කරන විදිය. ඔහු සාමය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සියල්ල අත්හරින්න සූදානමින් සිටියා‘දේහයට ගෞරව දැක්වීමට අද සවස් වෙද්දී, මහා ජනකායක් ක්‍රීඩංගනයට රැස්ව සිටියහ.
ජොහැන්නස්බර්ග් නුවරට වැසි ඇද වැටුණද ලෝක නායකයෝ සහ මහා ජනකාය එය නොතකා නෙල්සන් මැන්ඩෙලාට ගෞරව දැක්වීමට කටයුතු කළෝය. ලෝක නායකයන්ගේ පැමිණීම නිමිත්තෙන් ප්‍රිටෝරියා අගනුවරට පමණක් නොව, දේහය තැම්පත් කළ සොවෙතෝ ක්‍රීඩාංගනයට විශේෂ පොලිස් සහ හමුදා ආරක්ෂාවක් යෙදවි‚.
හමුදා සන්නද්ධ රථ පමණක් නොව, ප්‍රහාරක හෙලිකොප්ටර් යානා මෙන්ම ජෙට් යානා ද සීරුවෙන් තැබුණු බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා අද නිවේදනය කළේය.
අවමංගල්‍ය කටයුතු සියල්ල සංවිධානය වී ඇත්තේ වත්මන් දකුණු අප්‍රිකානු ජනපති ෙජකොබ් සූමාගේ මැදිහත් වීමෙනි. ඔහු මැන්ඩෙලාගේ පවුලේ අය සමඟ සාකච්ඡා කොට අවමංගල්‍ය කටයුතු සංවිධානය කළ බව මීට පෙර වාර්තා විණි.
source-lankadeepa