19.4 C
London
Thursday, June 19, 2025
spot_img

බිරිදක් ඉල්ලා කළ හදියක්

නිවසක්‌, බිරිඳක්‌ හා යතුරු පැදියක්‌ ලබාදෙන ලෙස ඉල්ලමින් අධි බලැති විදුලි කණුවකට නැගගත් තරුණයකු ප්‍රදේශවාසීහු විසින් මහත් පරිශ්‍රමයක්‌ දරා බිමට බස්‌සවා ගත් පසු දික්‌වැල්ල පොලිසියට භාරදී තිබේ.

මෙම තරුණයා මාතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මානසික වෛද්‍ය වාර්තාවක්‌ ලබා ගැනීමට නියමිතව ඇතැයි දික්‌වැල්ල පොලිසිය පවසයි.

දික්‌වැල්ල, රත්මලේ පාර මන්සන්ධියේ පිහිටි අධිබලැති විදුලි කණුවට ගොඩ වූ මෙම තරුණයා අධි බලැති විදුලි රැහැන් අතරින් රිංගා කණුවේ වාඩිවී සිට ඇත. මෙය දුටු ප්‍රදේශවාසීහු සිද්ධිය පොලිසියට දැන්වීමෙන් පසු
විදුලිබල මණ්‌ඩලය මැදිහත් වී විදුලිය විසන්ධි කර ඇත.

ඉන් පසුව විදුලි කණුවේ සිටි තරුණයා බිමට බැස්‌සවීමට ගිය තවත් තරුණයකුට මෙම පුද්ගලයා පහරදී ඇත. පසුව විදුලි කණුවේ සිට කම්බියේ එල්ලී එම තරුණයා අසල කොහොඹ ගසකට පැනීමේදී බිම වැටී ඇත.

බිම වැටුණ තරුණයා ගේ අස්‌ථියක්‌ද බිඳී තිබියදී යළිත් පොල් ගසකට නැග අසල සිටි පිරිසට පොල් ගෙඩි කඩා ඒවායින් පහරදී තිබේ.

කෙසේ වෙතත් රාත්‍රි 8.00 ට පමණ ප්‍රදේශවාසීන් එක්‌ව තරුණයා බිමට බස්‌සවාගෙන පොලිසිය ට භාරදී ඇත. මොහු තරමක මානසික ආතතියකින් පෙළෙන අයකු බව ප්‍රදේශවාසීහු පවසන අතර සිද්ධිය සම්බන්ධයෙන්
දික්‌වැල්ල පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ලසන්ත දඩල්ලගේ මහතාගේ උපදෙස්‌ පරිදි සුළු පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති උප පරික්‍ෂක ගාමිණි ශාන්ත, පොලිස්‌ සැරයන් (55828) ශාන්ත පොලිස්‌ සැරයන් (13954)
රත්නායක යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles