ලැප්ටොප් හොරාගේ බිරිඳගේ සාක්ෂියෙන් මංගලගේ ලිංගික ඇසුරක තොරතුරු හෙළි වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ නිවසට ඇතුළු වී ලැප්ටොප් පරිගණකයක් හා රටබීම බෝතල් කිහිපයක් සොරාගත් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරු අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරිනු ලැබී ය.

සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් ඇප ඉල්ලමින් ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කියා සිටියේ සොරකම් කළ බව කියනලැප්ටොප් පරිගණකය සිය සේවාදායකයා සමග කලක සිට සමීප ලිංගික ඇසුරක් පැවැත් වූ මංගල සමරවීර මහතා තෑගි කළ එකක් බව ය.

මුදල් නොමැති අවස්ථාවක එම පරිගණකය සැකකරු උගස්කර ඇත්තේ මංගල සමරවීර මහතාගේ අනුදැනුම ඇති ව බව ද ජනාධිපති නීතිඥවරුයා අධිකරණයට දන්වා සිටියේ ය.

මේ අනුව අසත්‍ය පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේසැකකරුට ඇප ලබා දෙන ලෙස ය.

කරුණු සලකා බැලූ පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා රුපියල් 25,000 බැගින් වූ ශරීර ඇප දෙකක් හා රුපියල් 5000ක මුදල් ඇපයක් මත සැකකරු මුදාහරින ලෙස නියෝග කළේ ය.

මංගල සමරවීර මහතා සහ සැකකරු අතර පැවති සබඳතාව පිළිබඳව ඔහුගේ බිරිඳ දීර්ඝ දිවුරුම් ප්‍රකාශයක් අද අධිකරණයට

ඉදිරිපත් කළ අතර එය භාරගත් මහේස්ත්‍රාත්වරයා ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්නැයි කෙසෙල්වත්ත පොලීසියට දැනුම් දුන්නේ ය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් හා

දිවුරුම් ප්‍රකාශය පිළිබඳව කෙසෙල්වත්ත පොලීසිය නිසි පරීක්ෂණයක් නොකරන්නේ නම් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බව ය.

නඩුව ජනවාරි 27 වන දා යළි කැඳවීමට නියමිතව තිබේ.

NewFirst

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...