9.7 C
London
Sunday, December 7, 2025
spot_img

ලොව පළමු වරට උරුගුවේ මරිජුවානා නිෂ්පාදනය සහ අලෙවිය නීතිගත කරයි

මරිජුවානා මත්ද්‍රව්‍යය නිෂ්පාදනය සහ අලෙවිය නීතිගත කළ පළමු රාජ්‍යය බවට උරුගුවේ පත්ව තිබේ. තම රට විනාශ කර ඇති නීතිවිරෝධී මත්ද්‍රව්‍ය කර්මාන්තයට මුහුණ දීම සඳහා ජනාධිපති හොසේ මුජිකා විසින් යෝජනා කළ ක‍්‍රමවේදයක් වන මෙය පාර්ලිමේන්තුවේ සෙනෙට් මණ්ඩලයේ 16-13ක් ලෙසින් සම්මත විය.

පාලක පුළුල් වාමාංශික සන්ධානයේ සාමාජිකයකු වන සෙනෙට් සභික ඇල්බර්ටෝ කුරියල් පවසා ඇත්තේ අද දින උරුගුවේහි ඓතිහාසික දිනයක් බවයි.

නව නීතිය යටතේ මරිජුවානා ග‍්‍රෑම් 1ක මිල ඩොලර් 1ක් ලෙසින් සටහන් කර ඇති අතර නීතිවිරෝධී වෙළඳපොළේ ඩොලර් 1.40ක මිලට මුහුණදීමට එලෙස නම් කර ඇතැයි පැවසේ.

නිෂ්පාදනය සහ අලෙවිය රාජ්‍ය ආයතන ව්‍යූහයක් විසින් නියාමනය කෙරෙනු ඇති අතර මරිජුවානා භාවිතය සඳහා ලියාපදිංචි වූවන්ගේ ලිපි ගොණුවක් එමගින් පවත්වා ගෙන යනු ඇත.

මෙම උත්සහය නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වෙළඳපොළ හඳුනාගනිමින් එය දහවල් ආලෝකය වෙතට ගෙනඒම හරහා එය අවසන් කිරීමට බව ජනාධිපති හොසේ මුජිකා පවසයි. මෙමගින් මරිජුවානා භාවිතය සඳහා දිරි දීමක් නොවන ඇති බව පවසන ඔහු දක්වා ඇත්තේ එමගින් පාරිභෝගිකයා හඳුනාගැනීම පමණක් සිදු කෙරෙන අතර ඔහු ප‍්‍රමාණය ඉක්මවා යන්නේ නම් පමණක් රජය විසින් මැදිහත් වන බවයි.

නව පණත් කෙටුම්පත සම්මත කරනු ලැබීමට පෙර මරිජුවානා භාවිතය උරුගුවේ හි දඩුවම් ලැබිය හැකි වරදක් නොවූ නමුත් අලෙවිය හා නිපදවීම අපරාධයක් ලෙස සැලකිනි.

වයස අවුරුදු 18ට වඩා වැඩි ලියාපදිංචිවූ පාරිභෝගිකයන්ට මසකට ග‍්‍රෑම් 40ක් ඖෂධහල් වලින් මිලදී ගත හැකි වන අතර පැළෑටි 6ක් දක්වා පුද්ගලික වගා කිරීමට ඉඩකඩ ලැබේ. සාමාජිකයන් 45 දෙනෙකු දක්වා සම්බන්ධ කරගත හැකි කංසා සංගම් වලට පැළෑටි 100ක් දක්වා වගාකිරීමට අවසර ඇතැයි පැවසේ.

උරුගුවේහි මිලියන 3.3ක ජනගහනයෙන් ලක්ෂ 2ක් පමණ මරිජුවානා භාවිතා කරන අතර අසල්වාසී පැරගුවේ සහ බ‍්‍රසීලය නව පණතට විරුද්ධත්වය පළ කර ඇතැයිද වාර්තා වේ.

source – lankaCnews

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles