නව ඖෂධයක් මාර්ක්ස් හෙල්ත් කෙයාර් හඳුන්වා දෙයි.

නව ඖෂධයක් මාර්ක්ස් හෙල්ත් කෙයාර් හඳුන්වා දෙයි.

මාර්ක්ස් හෙල්ත්කෙයාර් සමාගම තම ව්‍යාපාරික හවුල්කාරත්ව සමාගමක් වන ඉන්දියාවේ

Panacea Biotec සමාගම සමඟ එක්ව Valganciclovir 450mg USP ඖෂධ විශේෂයක් වන

VAGACYTE ශ්‍රි ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයට හඳුන්වා දෙන ලදී. වකුගඩු රෝගය සඳහා

භාවිතා කරන මෙම විශේෂ ඖෂධය ශ්‍රි ලංකාවට හඳුන්වා දුන්නේ වෛද්‍ය අධ්‍යාපනික

වැඩසටහන් නිරන්තරයෙන් පවත්වන ශ්‍රි ලංකා වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ

සංගමය විසිනි. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පසුගිය දා පවත්වන ලද ”Place of

therapy in Solid Organ Transplant” නම් වෛද්‍ය වැඩසටහනේදී මෙම ඖෂධය හඳුන්වා දෙන ලදී.

එහිදී මාර්ක්ස් හෙල්ත්කෙයාර් සමාගමේ ප්‍රකාශකයෙකු වැදගත්කම පෙන්වාදෙමින්

පැවසුවේ වකුගඩු රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධයක්වන VAGACYTE වත්මන් වෙළඳපොළෙහි

පවතින මිලෙන් තුනෙන් එකකට ශ්‍රි ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයට හඳුන්වාදීමට හැකිවීම

සම්බන්ධයෙන් තම සමාගම සතුටට පත්වන බව හා එසේ කරන්නට හැකිවූයේ දැරිය හැකි

මිලකට වැඩි ගුණාත්මක බවකින් යුතුව සැපයීමට ඉන්දියාවේ Panacea Biotec

සමාගමෙහි දැඩි කැපවීම හේතු වූ බව ය. එමෙන්ම මෙම VAGACYTE ඖෂධය හඳුන්වාදීමෙන්

වකුගඩු රෝගියෙකු මත පැටවෙන ආර්ථික බර අවම වීමක් සිදුවන බව ද තවදුරටත් පැහැදිලි

කරන ලදී.
Markss-HLC

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...