නව රජයේ අයවැයෙන් විවාහ ලියාපදිංචි ගාස්තු රුපියල් 5000 සිට රුපියල් 1000 දක්වා අඩුකරන බව අතුරු අයවැයෙන් කීවත් මෙතෙක් ඒ සඳහා චක්‍රලේඛයක් නිකුත් නොකිරීම හේතුවෙන් විවාහ ලියාපදිංචියට එන පිරිස් අපහසුතාවයට පත්වන බව රෙජිස්ට්‍රාර්වරු පවසති. රෙජිස්ට්‍රාර්වරු පැවසනුයේ කොළඹ රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයෙන් විවාහ ගාස්තු අඩුකළ චක්‍රලේඛයක් තවමත් නිකුත් කර හෝ කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.



