මර්වින් ගස් බැඳී මොහමඩ් කඳුළු සලයි

ඩෙංගු මර්ධන ව්‍යාපෘතියකට සහභාගිනොවූ සමෘධි නිලධාරියෙකු ගස් බැඳි මර්වින් සිල්වා ගේ ක්‍රියාව එකල බොහෝ කතා බහට ලක්වුණි. ඇමතිවරයා පසුව ඔහුලවා බලෙන් ලියුම් ගෙන මාධ්‍යයට ප්‍රකාශ ලබා දී ඉන් පහසුවෙන් ගැලවුණි.

නමුත් එම ගස් බැඳීමට ලක්වුණු මොහමඩ් ඉර්ශාඩ් නම් සමෘද්ධි නිලධාරියාට ඉන්පසුව මුහුණ පෑමට සිදුවූ කටුක සිදුවීම් පෙළ දන්නේ ඉතා අතලොස්සකි. මේ මොහමඩ් ඒ පිළිබඳව වසර තුනකට පසුව කඳුළු හලමින් හෙළිකරන කතාවයි.

2010 දහවෙනි මාසේ තුන්වෙනිදා ගස් බැදපු පුද්ගලයා මම. මම මේක මාධ්‍යට දෙන්න තීරණය කළේ හුගක් දුරට මම සමාජයෙන් දුක් වින්දා. ඒ කාලේ මට දෙන්ඩ අවස්ථාවක් ලැබුනේ නෑ. මම ඒ විස්තරේ මුල ඉදන්ම මම කියනවා. ඇත්තටම…හිතේ දුක දරා ගන්න බැරිව තමයි මම ඔයගොල්ලන්ට මේක කියන්නේ.

2010 දහවෙනි මාසේ තුන්වෙනිදා ඒදා මම ඩෙංගු වැඩසටහනට මම සහභාගී උනේ නෑ. ඒ මගේ ළමයි දෙන්නම අසනීපෙන් හිටිය නිසා. මම ගෙදර ඉන්නකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කෝල් එකක් ආවා. දවල් 2.30ට මර්වින් සිල්වා ඇමතිතුමා ඔයාට එන්න කියනවා කියලා. මම දැනගෙන හිටියේ නෑ මේ ගස් බදින සිද්ධිය.

සමෘද්ධි නිළධාරීන් ඔක්කොම කිව්වා උඹව ගස් බදින්න යන්නේ කියලා. මම ඒක ලොකුවට හිතුවේ නෑ..මම එච්චර දුරට හිතුවේ නෑ ගස් බඳී කියලා..ඒ කාලය අතරතුරේ මර්වින් එක එක්කෙනාගේ ප්‍රශ්න අහගෙන ඇවිල්ලා මගෙනුත් ප්‍රශ්න ඇහුවා..

මම කිව්වා ඇමතිතුමනි ළමයින් අසනීප උන නිසයි සහභාගී වෙන්න බැරි උනේ කියලා..ඊට පස්සේ ඇමතිතුමා ඇමතිතුමා කිව්වා උඹට කෝල් එකක් දෙගන්න බැරිද කියල..ඊට පස්සේ මම කිව්වා මට කරගන්න දෙයක් තිබ්බේ නෑ ඒ වෙලාවේ කියලා..එදා ඉරිදා දවසක්…මර්වින් සිල්වා ඒක පිළිගත්තේ , ප්‍රදෙශිය සභා මන්ත්‍රී සරත් චන්ද්‍ර ට කිව්වා මාව ගස් බඳින්න කියලා..මේක drama එකක් නෙවෙයි..ගස් බැඳලා ඉවර උනාම මම ගෙදර ආව..

ගෙදර ආවම ඇමතිතුමාගෙන් කෝල් එකක් ආවා..එයාව හම්බවෙන්න කියලා..මම හිතුවේ වෙන දෙකට කියලා..බලනකොට පාරක් රෝද එකේ මෙයාලගේ ගෙදරට එන්න කියලා..මම තනියෙන් ගියා..ඊට පස්සේ එහෙදි මට කියලා ලියුමක් ලියාගත්තා මමම ගස් බැඳගත්තා කියලා..ඒ වෙලාවේ මට එකට විරුද්ධ වෙන්න හයියක් තිබ්බේ නැහැ..

ඊටපස්සේ හතරවෙනිදා උදේ මම ගෙදර ඉන්නකොට සමෘධි අධිකාරිය මං ගාවට ඇවිල්ල සමෘධි ජෙනරාල් තුමා අඩගහනවා කියලා..මම ගියා හම්බවෙන්න..මම දැන් නෑ මගේ ලියුම මේ වගේ දෙයකට ගත්තා කියලා..ජෙනරාල්තුමා ඇහුවා මට මුකුත් ප්‍රශ්නයක් ආවද කියල..මම කිව්වා ඔව්..මට ප්‍රශ්නයක් ආවා මට මුකුත් කරන්න දෙයක් තිබ්බේ නෑ කියලා.ජෙනරාල් තුමා ඇහුවා මට ඉන්න තැනක් තියද කියලා..මම කිව්වා මට ඉන්න තැනක් නෑ මගේ ගේ විතරයි..මට ආරක්ෂාවක් නෑ කියලා..ඊට පස්සේ එහෙ ලෝයර් කිව්වා පොලිසියට පැමිණිල්ලක් දාන කියලා..ඒ වෙලාවේ මම බයවුනා..

ඊට පස්සේ වැන් එකකින් හුඟක් කට්ටිය ඇවිත් මාව හෙව්වේ..හැංගිලා ඉඳලා රෑට ගෙදර ගියා..රෑ ගෙදර ආවම මාව ඒ ගොල්ලෝ ඇමතිතුමා ගාවට එක්කගෙන ගියා..ඇමතිතුමා කිව්වා..මේ උඹ ස්වර්ණවාහිනියට වොයිස් කට් එකක් දෙන්න ඕන කියල..

මට ළමයි දෙන්නෙක් ඉන්නවා..පවුලත් ඉන්නවා….මම බය වුනා..එකයි මේ සේරම දුන්නේ..මම ජනතාවට කියන්නේ මම මේ සේරම කැමැත්තෙන් කල දේවල් නෙවේ..මේක ද්රාම එකක් නෙවෙයි..මේක මට කියනකොට ඇඩේනවා..මේක හින්දා මම ගොඩක් දුක් වින්දා..මට නම කියල කතා කරන්නේ නෑ..කියන්නේ ගස් බැන්ද කෙනා කියලා..(හඬමින්) මම කිසිවිටකත් ඒ ගොල්ලොන්ගේ දේපල සල්ලි වලට යට උනේ නැහැ..මේ සේරම කලේ මගේ ළමයි පවුල වෙනුවෙන්..මට ත්‍රී වීල් එකක් තිබ්බ..හවස පහට වැඩ ඇරිලා ඉවර වෙලා එකෙන් හයර් හොයල තමයි මම ජීවත් උනේ…එක දවසින්ම මගේ චරිතේ ඝාතනය කරා..මම මේ ඇත්ත කතාව කියන්නේ.

 

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...