ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින ක‍්‍රිකට් කණ්ඩායම්වල වර්තමාන නායක ඇන්ජලෝ මැතිව්ස් සහ විස්සයි20 පිලේ වර්තමාන නායක ලසිත් මාලිංග දෙදෙනාගේම නායකත්වය ලබන වසර දක්වා දීර්ඝ කිරීමට නව ක‍්‍රිකට් තේරීම් කමිටුව තීරණය කරයි.
ඒ අනුව ඔහු ටෙස්ට් හා එක්දින කණ්ඩායම්හි නායකත්වය දරණ අතර පසුගිය වසරේ පැවැති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා 20 – 20 කණ්ඩායමේ නායකත්වය පත්කළ ලසිත් මාලිංග තවදුරටත් ශ්‍රී ලංකා 20 – 20 කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇත.
පාකිස්තාන කණ්ඩායම එළැඹෙන ජුනි මස ශ්‍රී ලංකාවේ සිදුකිරීමට නියමිත සංචාරයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම එළැඹෙන වසරේ සිදුකිරීමට නියමිත එංගලන්ත සංචාරය දක්වා ඇන්ජලෝ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරනු ඇත.
ලසිත් මාලිංග එළැඹෙන වසරේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත 20 – 20 ලෝක කුසලාන තරගාවලිය තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇත. ක්‍රිකට් තේරීම් කමිටුවේ තීරණයට සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ අනුමැතිය හිමිව තිබේ.