14.9 C
London
Friday, April 25, 2025
spot_img

මැතිව්ස් ක්‍රිකට් අර්බුදය අවසන්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ පන්දු යැවීම් හමුවේ එංගලන්ත කණ්ඩායම දුෂ්කර තත්වයකට පත්ව සිටින්නේ යයි කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් විසින් කරන ලද ප්‍රකාශය මුල් කර ගත් අර්බුදය නිරාකරණය කෙරුණ බව ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

සිය ප්‍රකාශය සම්බන්ධයෙන් ඇන්ජලෝ මැතිව්ස් විසින් කරන ලද පැහැදිලි කිරීම් සම්බන්ධයෙන් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය සෑහීමට පත්ව සිටින බවයි ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සාමි උල් හසන් පවසන්නේ.

BBC කළ ප්‍රකාශය
සචිත්‍ර සේනානායකගේ පන්දු යැවීමේ ඉරියව් පරීක්ෂණයකට ලක් කිරීමට තීන්දු කරනු ලැබීම සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී අදහස් දැක්වූ ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේ, ප්‍රතිවාදීන්ගෙන් එල්ල වන පීඩනය දරා ගත නොහැකි වූ විට අනෙක් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට පීඩනය යොමු කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සාමාන්‍ය සිරිතක් බවට පත් වී තිබෙන බවයි.

“සමහර අවස්තාවලදී සමහර පන්දු යවන්නට හොඳින් මුහුණ දෙන්න බැරි වුනාම මේ වගේ මතභේද ඇතිවෙනවා. මුරලිදරන් ගේ ඉඳල ඒක අපි දැකපු දෙයක්,” ඇන්ජලෝ මැතිව්ස් බීබීසී සංදේශයට කියා සිටියේය.

සචිත්‍ර සේනානායක
එම ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන ඇන්ජලෝ මැතිව්ස් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයට පවසා ඇත්තේ ක්‍රිකට් විනිසුරුවන් කෙරෙහි කිසිදු බලපෑමක් විනැයි තමා නිගමනය නොකරන අතර තම ප්‍රකාශය මගින් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය විවේචනයට ලක් කරනු ලැබීමක් නොවූ බවයි.

BBC

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles