-සාධාරණ හෙටක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් පසුගිය කාලයේ “ලොන්ඩරියක්” බවට පත්ව තිබු ජනමාධ්‍ය අමාත්‍යාංශය ඒ තත්වයටම පත්වුවහොත් මහජනයාට ඉන් නිසි වැඩක් නැතැයි අභිනව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අද උදෑසන සිය ධුරයේ වැඩ භාරගැනීමේ උත්සවයේදී පවසන ලදී. නව ජනමාධ්‍ය අමාත්‍යවරයා පොල්හේන්ගොඩ පිහිටි අමාත්‍යාංශයේ දී සුබ හෝරාවෙන් අද (16) උදේ සිය රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබූහ. ඊට අමතරව නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් රැසක් ද සිය අමාත්‍ය ධූරයේ වැඩ භාරගනු ලැබී ය. හිටපු ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද මෙම අවස්ථාවට එක්විය. එසේ ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග අරලිය ගහ මන්දිරයේ දී අද පස්වරුවේ නව අමාත්‍ය මණ්ඩලයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් සාකච්ඡාවකට ද සහභාගී වීමට නියමිතව ඇත.
Check Also
බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)
ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...
බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්
නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...