ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කරන අසිරිමත් නත්තල අදට (25) යෙදී තිබේ. ජේසුස් වහන්සේගේ උපත සිහිපත් කරමින් ඊයේ (24) මැදියම් රැයේ දී දිවයින පුරා දේවස්ථානවල සීනු නාද වූ අතර කිතුනු බැතිමතුන් එම අවස්ථාවන්ට සහභාගි වී සිටියහ.ප්‍රධාන දේව මෙහෙය අගරදගුරු අතිඋතුම් ආචාර්ය මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ දී වත්තල ශාන්ත ආනා දේවස්ථානයේ දී පැවැත්වුණි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කරමින් කෝටි සංඛ්‍යාත ලෝකවාසී කිතුනුවන් ඊයේ මැදියම් රැයේ දේවස්ථානවල පැවැති නත්තල් දේව මෙහෙයන්ට සහභාගි වූහ.
මෙහි ප්‍රධාන දේව මෙහෙය බෙත්ලෙහෙම් නගරයේ උප්පත්තියේ දේවස්ථානයේ දී පැවැත්වුණු අතර එම අවස්ථාවට විවිධ රටවලින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගි වී ඇත.එසේම වතිකානයේ ශාන්ත පීතර චතුරස්රයේ දී විශේෂ නත්තල් දේව මෙහෙයක් අති උතුම් ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ දී පැවැත්වුණු අතර එම අවස්ථාවට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගි වූහ. උන්වහන්සේ සිංහල භාෂාවෙන් ආශිර්වාදයක් කළහ.මධ්‍යම රාත්‍රියේ දේව මෙහෙයන්ට සහභාගි වීමට නොහැකි වූ කිතුනු බැතිමතුන් සඳහා දිවයිනේ සියලුම දේවස්ථානවල විශේෂ නත්තල් දේව මෙහෙයන් අද උදෑසනද පැවැත්වීමට නියමිතව තිබේ.
ක්‍රිස්ටි මහේෂ් ද සිල්වා