13.1 C
London
Thursday, May 15, 2025
spot_img

මයිකල් ෂූමාකර්ගේ අනාගතය ගැන දැන්ම කියන්න බැහැ – වෛද්‍යවරු කියති

ප්‍රංශයේ ඇල්ප්ස් කඳු ප්‍රදේශයේදී හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ යෙදෙමින් සිටියදී අනතුරකට ලක්ව බරපතළ තත්ත්වයේ පසුවන ෆෝමියුලා වන් මෝටර් ධාවන ශූර මයිකල් ෂූ මාකර්ගේ ජීවිතය ගැන අදහස් පළ කිරීම ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරු ප්‍රතික්ෂේප කරති.

ඉරිදා සිදුවූ මෙම අනතුරින් පසු ‘කෝමා’ තත්ත්වයේ පසුවන ෂූමාකර් ප්‍රංශයේ ගේ‍රනොබල් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබයි. රෝහ‍ලේ නිර්වින්දන වෛද්‍යවරයා මාධ්‍යයට සඳහන් කළේ හිම මත වැටීම හේතුවෙන් ෂූමාකර්ගේ මොළයට සිදුවූ බරපතළ තුවාල නිසා ඔහු සිහිසුන්ව සිටින බවය. ඔහුගේ ජීවිතය අවදානම් බව පමණක් සඳහන් කිරීමට හැකි බව පැවැසූ එම වෛද්‍යවරයා මේ මොහොතේ ඔහුගේ අනාගතය ගැන කිසිවක්ම පැවැසිය නොහැකි බවද සඳහන් කළේය. එසේ වුවත් ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා සෑම උත්සාහයක්ම දරන බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

නිවාඩුවක් ගත කරන්නට ප්‍රංශයේ ඇල්ප්ස් ප්‍රදේශයට පැමිණි ෂූමාකර් ඔහුගේ 14 හැවිරිදි පුතු සමග හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ යෙදී සිටියදී මෙම අනතුරට ලක්විය.

source-Rivira

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles