ඇමෙරිකාවේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ පරිගණක දත්ත ගබඩාවලට ඇතුළු වී ඒවායේ අඩංගු රහස්‍ය දත්ත මිලියන ගණන් සොරකම් කර ඇති බව අනාවරණය වී තිබේ. මෙලෙස දත්ත සොරකමට ලක්වූවන් අතර එරට ජනපති ආර්යා මිෂෙල් ඔබාමා ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන් රැසක් වන බව සඳහන්ය. මිෂෙල් ඔබාමාගේ හැඳුනුම්පතට අදාළ රහස්‍ය දත්ත සොරකමට ලක්ව ඇත.
මෙම දත්ත සොරකම පිළිබඳ බ්‍රයන් කේරබ්ස් නම් මාධ්‍යවේදියා තොරතුරු අනාවරණය කරගෙන ඇත. ඇමෙරිකාවේ ජනප්‍රිය පුද්ගලයන්ගේ පෞද්ගලික දත්ත රහසිගතව ලබාගත් බව කියන exposed su නම් වබේ අඩවිය පිළිබඳව FBI සහ එරට රහස් ඔත්තු සේවය කරන පරීක්ෂණවලට සමගාමීව කේරබ්ස්ද තොරතුරු සොයාබලා ඇත. exposed su වබේ අඩවිය මේ වනවිට වසා දමා ඇත. එමගින් බිල් ගේට්ස්, බියෝන්ස් නෝවල්ස් වැනි ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ රහස්‍ය දත්ත ප්‍රසිද්ධ කර තිබුණි.
බි.බි.සී.
Rivira