තිස්ස අත්තනායක අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනී (VIDEO)


මෙම උත්සවය පැවැත්වුණේ සුවසිරිපාය සෞඛ්‍ය අමාත්‍යාංශ කාර්යාලයේදී ය.

මෙ අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා ඇතුළු මැති ඇමතිවරු සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

උත්සවය අමතමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පැවසුවේ, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍ය ධුරය හැර ගිය අවස්ථාවේ දුක් වූවා සේම තිස්ස අත්තනායක මහතාගේ පැමිණීම සම්බන්ධයෙන් ද සතුටු වන බව ය.

ඔහු එහිදී පැවසුවේ, නාව අමාත්‍යවරයාට අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙන බව ය.

සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතා පැවසුවේ, දින100 ක් ඇතුළත ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අභිප්‍රායක් තමන් සතු බව ය.

රෝහල කියන්නේ නාහය වහගෙන අපිරිසිදුවට යන ස්ථානයක් නෙවෙයි, එක දර්ශනීයව සහ ආකර්ශනීයව තියා ගන්න, ජාතික වැඩපිළිවෙලක්, අපි දින 100 ක්, ඇතුළත ක්‍රියාත්මක කිරීමේ, අභිප්‍රායක් මට තිබෙනවා

Check Also

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...

ජනපති මැදුරේ මන්දිරය ගැන මහින්ද කියයි

( අම්ත් මධුරංග ) 2015-10-25 ජනාධිපති මන්දිරයේ තිබුණේ භූගත මන්දිරයක් නොව යුද සමයේදී සාකච්ඡා පැවැත්වූ ...