මෑතකදී හොංකොංවලට යාබද චීන කැසිනෝ කොළනියක සංචාරය කළ ප‍්‍රධාන අමාත්‍යවරයකු ඔහු සමග එහි සංචාරය කළ විවාහක කන්තාවක් පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වේ.
එමෙන්ම මෙම අමාත්‍යවරයා පැහැරගෙන ගොස් ඇත්තේ කොළඹ හතේ පදිංචිව සිටි රජයේ ආයතනයක ක‍්‍රියාකාරී අධ්‍යක්ෂවරයකුගේ බිරියක් බව ද පැවසේ. අදාළ ක‍්‍රියාකාරී අධ්‍යක්ෂවරයා විසින් තම බිරිය පැහැරගෙන ගොස් ඇති බවට කුරුදුවත්ත පොලිසියට පැමිණිලි කර ඇති බව ද වාර්තා වේ.
මෙකී අධ්‍යක්ෂවරයා අදාල අමාත්‍යවරයාගේ කිට්ටුම මිතුරකුව සිටි අයෙක් බවත්, අමාත්‍යවරයාගේ දේශපාලන දිවිය ඉහල දමාගෙනීමට ඔහු බොහොසේ උපකාර කළ අයෙක් බවද පැවසේ.එකී කරුණු කාරණා කෙසේ හෝ වේවා අපට වාර්තා වන්නේ අදාල කාන්තාව හා අමාත්‍යවරයා මේවන විට රජයේ නිල නිවසක ඒකට වාසය කරන බවයි.
මෙසේ පැහැරගත් කාන්තාව සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ඉහලම නිලයක් දරන තැනැත්තියක් බවද වැඩිදුරටත් දැනගන්නට ලැබුණි.