Miracle operation at Karapitiya hospital

යතුරුපැදි අනතුරකට ලක්වූ අට හැවිරිදි පාසල් සිසුවියකගේ කකුලෙන් වෙන්වී හමෙන් එල්ලෙමින් තිබූ වළලූකර කොටස විශ්මිත සැත්කමක් මගින් සාර්ථක ලෙස බද්ධ කිරීමට කරාපිටිය මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත්ව තිබෙනවා.

ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහලේ තුන්වැනි ශේණියේ ඉගෙනුම ලබන දේනුනි නමැති මෙම සිසුවිය තම මව හා සීයා සමග ශිෂ්‍යත්ව පන්තියකට ගොස් එද්දී යතුරුපැදියෙන් ගමන් කරමින් සිටින අතරවාරයේ නින්ද යාමෙන් ඇය ඇලවී ගොස් දකුණු කකුල යතුරුපැදියේ පසුපස රෝදය අස්සට ගොස් හිරවී මේ අවාසනාවක්ත අනතුර සිදුව තිබෙනවා.

යතුරුපැදිය පැදවූ ඇගේ සීයා වහාම යතුරුපැදිය නතරකොට බලනවිට සිසුවියගේ වළලූකර කකුලෙන් වෙන්වී හමෙන් පමණක් එල්ලෙමින් තිබී ඇත. අනතුරට පත්වූ සිසුවියගේ කකුලේ අස්ථි සහ මස් කැබලි එකතුකොට පොලිතින් බෑගයක දමාගත් ඇගේ මව තම දියණිය වහාම කරාපිටිය රෝහලට ගෙන ගියා. එහි දී වකුගඩු හා නහර බද්ධ කිරීම පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උභේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් ඇයගේ කකුල බද්ධ කිරීමේ සැත්කමට අතගැසූ අතර එය සාර්ථකව නිමකර තබෙන බව වාර්තා වනවා.

සැත්කම ගැන වෛද්‍යවරයා මෙසේ කියා සිටියා…
‘මෙම දරුවා රෝහලට ගෙන එන විට වළලූකර ළගින් කකුලෙන් වෙන්වී අස්ථි හා නහර දමණි ශිරාවලින් සම්පූර්ණයෙන්ම වෙන්වී තිබුණා. කකුල නිල්පාට වී ලේ සැපයුම නතර වෙලා තිබුණා. ඒ වනවිට දැරියගේ කකුල බේරාගැනීමට හැකිවෙතැයි අප හිතුවේ නැහැ. කෙසේ වෙතත් දරුවාගේ කකුලට සැත්කම කිරීම අපි ආරම්භ කළා. කකුල තරමක් කොටකර අස්ථි පිටතින් යකඩ රාමුවක් සවිකොට ශිරා හා නහර බද්ධ කිරීම සිදු කළා. සැත්කමෙන් පසු කකුලට ලේ සැපයුම ලැබුණා. නහර බද්ධ කිරීම සාර්ථකයි. නමුත් කකුලට විස බීජයක් ඇතුළුවීමෙන් හෝ වෙනත් ගැටලූකාරී තත්වයක් මතුවුණහොත් ඒවාට අවශ්‍ය ප‍්‍රතිකර්ම යෙදීමට අප සූදානමින් සිටිනවා. කකුලට ලේ සැපයුම සාර්ථක නිසා ප‍්‍රශ්නයක් මතුවන එකක් නැහැ. නමුත් කකුලට අස්ථි හා ප්ලාස්ටික් සැත්කමක් කරන්න වෙනවා.මෙම සැත්කමට පැය හතරහමාරක පමන කාලයක් ගතවුණා.’

තේජ ජයසේකර ඉෂාන් පෙරේරා සහ සුරංග යන වෛද්‍යවරුන් මෙම සැත්කමට මට සහාය වුණා යයි විශේෂඥ වෛද්‍ය රංජුක උබේසිරි මහතා සඳහන් කරා. මෙම අනතුර වන අවස්ථාවේ ඇය ළග සිටි දැරියගේ මව සංජීවනී පෙරේරා මහත්මිය කියා සිටියේ…
‘මෙම අනතුර වුණ අවස්ථාවේ මගේ සැමියාගේ තාත්තා යතුරුපැදිය ධාවනය කළා. දුව යතුරුපැදියේ මැද වාඩිවී සිටියා. ශිෂ්‍යත්ව පන්තියකට ගොස් ආපසු ගෙදර බලා යමින් සිටින විට තමයි මෙම අනතුර සිද්ධ වුණේ. ටික දුරක් යනවිට දුවගේ කකුල යතුරුපැදියේ පිටුපස රෝදය අස්සේ ගියා. ඊට පසු කකුලේ වළලූකර ළගින් වෙන්වී හමෙන් එල්ලෙමින් තිබුණා. අස්ථි කොටස් එකතුකරගෙන දරුවා රෝහලට රැුගෙන ගියා. දරුවාගේ වාසනාවට රංජුක උබේසිරි දොස්තර මහතා දරුවාට සැත්කම කළා. අපට බයවෙන්න එපා කියා දොස්තර මහතා කීවා. මම බයේ හිටියේ කකුල කපන්න වේවි කියා. නමුත් ජීවකයෙක් වැනි රංජුක දොස්තර මහතා මගේ දරුවාගේ කකුල බේරා දුන්නා.’

වාර්තාව හා ඡුායාරූප – ආර්. එල්. දීයගහගේ

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...