රහසිගතව විදේශීය රටකට පැන යාමට සූදානම්ව පැමිණ සිටි 35ක් මිරිස්සේ දී අත්අඩංගුවට

යාත්‍රාවේ වියළි ආහාර-වතුර-බෙහෙත්
මුහුදු මාර්ගය ඔස්සේ උතුරු නැඟෙනහිර සිට රහසිගතව විදේශීය රටකට පැන යාමට සූදානම්ව පැමිණ සිටි බැව් කියන පුද්ගලයන් 35 දෙනෙකු මිරිස්ස වරායේදි නාවික කොට්ඨාස පොලිසිය විසින් ඊයේ (18) අලුයම අත්අඩංගුවට ගන්නා ලදී. සැකකරුවන් දෙවිනුවර වරායට අයත් “නෙතුමි” බහුදින යාත්‍රාවෙන් පැමිණ ඇති බව හෙළිවයි.

මොවුන් 35,40 වයස්වල පසුවන මාන්කුලම්, යාපනය, චාවාකච්චේරි, ඕලුමඩු, මුලතිව්, ඔඩ්ඩුසුඩාන්, මල්ලාවි ප්‍රදේශවල පදිංචිකරුවන්ය. මේ පිරිස අතර කිසිදු කාන්තාවක හෝ කුඩි දරුවකු නොසිටීම ද විශේෂත්වයකි. මොවුන් කුමන රටකට යාමට නියමිතව සිටියාද යන්න මෙතෙක් හෙළිවී නැත. සිද්ධිය පිළිබඳ පොලිස් පරීක්ෂණ පැවැත්වෙන අතර සැක කරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.බෝට්ටු මඟින් අනවසරයෙන් විදේශයන්ට පැන යාම පසුගිය කාලයේ දිගටම සිදු වුවත් මේ වසරේ එවැනි සිද්ධියක් වාර්තා වූ ප්‍රථම වතාව මෙය බව පොලිසිය කියයි.

සැකකරුවන් මිරිස්ස ධීවර වරායට ගෙනවිත් ඇති යාත්‍රාවේ ස්කිපර් මේ වනවිට පලාගොස් ඇති අතර එම යාත්‍රා‍වේ තිබී වියළි ආහාර පානීය ජලය බෙහෙත් ද්‍රව්‍ය එළවළු තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.

Check Also

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...