රටවල් 116ක පමණ සහභාගීත්වයෙන් චීනයේ ඔඩෝස්හි පැවති මිස් වර්ල්ඩ් 2012 තරඟයේ අවසන් වටය පසුගිය 18 වැනිදා පැවැත්වූ අතර එහිදී රූ රැජින කිරුළ දිනාගැනීමට චීනය නියෝජනය කළ යූ වෙන්සියා සමත් වුණා. ඇයට එම කිරුළ පැළඳුවේ 2011 ලෝක රූ රැජින වූ වෙනිසියුලාවේ ඉවියන් ලුහාසෙනල් විසිනි.
දෙවන හා තුන් වන ස්ථාන දිනාගත්තේ 19 හැවිරිදි ව්‍යාපාර කළමණාකරණ සිසුවියක වන වේල්ස් හි එලිසබත් මෝල්ඩ් හා 23 හැවිරිදි නීතිවේදී සිසුවියක වන ඕස්ට්‍රේලියාවේ ජෙසිකා මයිකල්ය. ලංකාවෙන් තරඟ වැදුණු සුමුදු ප්‍රසාදනීහට කිසිදු වටයක ජයග‍්‍රහණයක් අත්කරගන්නට නොහැකි විය.