කොටකෙතන ඝාතනයට ලක්වූ තිදරු මවගේ සිරුර ඇලක තිබී හමුවෙයි.

-කොටකෙනනදී අතුරුදන්වූ කාන්තාවගේ මළ සිරුර දවසකට පසු ඊයේ දිනයේදී (06) කොටකෙතන ඇළේ තිබියදී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. කහවත්ත, කොටකෙතනදී පෙරේදා (5) අලුයම සිට අතුරුදන්වී සිටි තිදරු මවක් වන චන්ද්‍රානි ස්වර්ණලතා (39) මහත්මියගේ සිරුර මරා දැමීමෙන් පසු නිවසින් පිටතට ගෙන ගොස් දමන්නට ඇතැයි පොලිසිය සැකකරනු ලබයි. එම කාන්තාවගේ නිවසේ හා පොලිසියේ සිට මීටර් 500 – 600 දුරින් මෙම සිරුර හමුවූ ඇළ පිහිටා ඇත.

එම කාන්තාවගේ නිරුවත් සිරුර ගසක මුල් අතර හිරවී ඇති බවත් මුහුණ ඇතුළු සිරුරේ තැනින් තැන සතුන් විසින් කා දමා ඇති බවත් පොලිස් ආරංචි මාර්ග තොරතුරු අනාවරණය කරයි.මෙසේ කොටකෙතනදී පසුගිය වසර කිහිපය තුළ සිදුවූ 18 වැනි ඝාතනය වන්නේ මෙයයි. මීට පෙරද මරා දැමුණු කතකගේ සිරුර මෙම ඇළට දමා තිබුණි. 2014 ඔක්තෝබරයේදීත් කොටකෙතනේ කතක් මරා මේ ඇළටම දමා තිබියදී පොලිසිය සොයාගන්නා ලදී.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...