මොබිටෙල් සහ එරික්සන් නව ගමනක

-ශ්‍රී ලංකාව දැනුම් කේන්ද්‍රස්ථානයක් ලෙස සහ ලංකාව තුළ දැනුමින් පිරිපුන් සමාජයක් බිහිකිරීමේ උත්සහයන්ට දායක වීම උදෙසා විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් තබන බව මොබිටෙල් සහ එරික්සන් සමාගම නිවේදනය කරයි.
ශ්‍රි ලංකාව දැනුම් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ ක්‍රමෝපායික උත්සහය මෙන්ම මෑතකදී හදුන්වා දෙන ලද “නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාව WiFi දේශයක් බවට පත් කිරීම“ යන ඉලක්කයට සමගාමී සේවාවක් ලෙස “WiFi “ සේවාව ලබාදීම යන අරමුණ මූලික කරගෙන රටපුරා විශ්ව විද්‍යාල සිසුන්ට වඩාත් පහසුවෙන් සහ සහනදායි ගාස්තු යටතේ උසස් තත්ත්වයෙන් බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් ලබාදීමට කටයුතු කරන බවද දන්වා ඇත. මෙසේ අන්තර්ජාල හා බ්‍රෝඩිබෑන්ඩ් පහසුකම් සිසු ප්‍රජාව වෙත සමීප කරවීම රටේ සමාජ ආර්ථික දියුණුවට විශාල පිටිවහලක් වේ.
මේ පිළිබදව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරි රංජිත් ජී රූබසිංහ මහතා පවසනුයේ “ශ්‍රී ලංකාව තුළ දැනුමින් පිරිපුන් සමාජයක්“ ගොඩනැගීමේ දැක්ම සාර්ථක කරගැනීම සදහා එරික්සන් සමාගම සමග අත්වැල් බැදගැනීම ට ලැබීම විශාල සතුටක් බවයි. ඒ ඔස්සේ ශ්‍රී ලංකාව දැනුම් කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම නම් ක්‍රමෝපායට ඔවුන් නොමද දායකත්වයක් සපයන බවයි. එමගින් විශ්වවිද්‍යාල සිසුන්ට අවශ්‍ය වන සන්නිවේදන පහසුකම් ඔවුන්ට පිරිනමමින් නව ලොවට ගැළපෙන අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව ඔවුන්ට උදාකරදීමට අවස්ථාව සැලසෙන බවයි. තාක්ෂණයේ දියුණුව හරහා මෙරට සිසු සිසුවියන්ගේ ජීවිත සරු කරගැනීම සදහා මොබිටෙල් නිරන්තර උත්සහයක් දැරීමට දායකත්වය දරයි.

Check Also

අවුල් අස්සේ – හිරුණිකාට මඟුල්

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (05) යුග දිවියට ඇතුළත් වීමට නියමිත බව ...

සන්ධානය දෙදරයි – ශ්‍රිලනිපය ඉවත් වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන හවුල් කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ...