මුසම්මිල් කට වරද්දා ගනියි

හිටපු ආරක්ෂක ලේකම්වරයා අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසමට කැඳවීමට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීම වළක්වමින් අධිකරණය විසින් පනවා තිබූ වාරණ නියෝගය භාරගැනීම ප්‍රතික්ෂේප කර එය නැවත විනිසුරුවරයාට භාර දෙන්නැයි පැවසු බව කියන ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා සම්බන්ධයෙන් පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා කොළඹ පොලිස් අපරාධ කොට්ඨාශයට සිදුකල නියෝගයකට අනුවයි.සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව් එම් චන්ද්‍රතිලක මහතා අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවෙන් ප‍්‍රකාශ වුනේ අදාළ වාරණ නියෝගය මුසම්මිල් මහතා විසින් භාර නොගත් බවයි. ඕක ගෙනිහින් නඩුකාරයාටම දීපං යනුවෙන් ඔහු පවසා ඇති බවද එහි දැක්වෙනවා.මේ සම්බන්ධයෙන් මොහොමඩ් මුසම්මිල් නැමැත්තාගෙන් ප්‍රකාශයක් ලබාගෙන පූර්ණ පරීක්ෂණයක් පවත්වා අධිකරණයට වාර්තාවක් වහාම ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත‍්‍රාත්වරයා නියෝග කරනු ලැබුවේ.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...