16.3 C
London
Thursday, June 19, 2025
spot_img

කොළඹ මදුරු කොයිල් තහනම්!!

කොළඹ දිස්ත්‍රික්කයේ මදුරු කොයිල් භාවිතය තහනම් කිරීමට කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී තීරණය කර ඇත. මෙම මදුරු මර්දන කොයිල් තහනම් කළ යුතුව ඇතැයි මුදල් ඇමැති රවි කරුණානායක මහතා යෝජනා කර තිබේ. එමෙන්ම මදුරු මර්දන  රසායනිකයන් හේතුවෙන්පරිසර අසංතුලිතතාවයන් ඇතිවන බවද මෙහිදී සාකච්ඡා වී තිබේ. එම නිසා මදුරුවන්  මර්දනය සම්බන්ධයෙන් වෙනත් විකල්පයන්ටයා යුතු බවද මෙම සාකච්ඡාවේදී යෝජනා වී ඇත.
දිවි නැගුම ප්‍රතිලාභීන්ට භාණ්ඩ බෙදා දීමට සිදුවනුයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවසරය ලබා ගැනීමෙන් පසුව බව මුදල් ඇමැති රවි කරුණානායක මහතා කොළඹ   දිස්ත්‍රික් සංවර්ධන  කමිටුවට දැනුම් දී ඇත.
කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටුව  කොළඹ දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී  කොළඹ දිස්ත්‍රික්  සංවර්ධන කමිටුවේ සම සභාපති  මුදල් අමාත්‍ය රවි කරුණානායක  මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්විනි. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා විසින් දිවි නැගුම ජීවනෝපාය  සංවර්ධන වැඩසටහන යටතේ 2014 වර්ෂයේ තෝරා ගන්නා ලද ප්‍රතිලාභින් හට මිලදී  ගන්නා ලද භාණ්ඩ බෙදාදීමට දිස්ත්‍රික් සංවර්ධන   කමිටුවේ  අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලා සිටින ලදී. එහිදී වැඩිදුරටත්  මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ  ස්වයං  රැකියාවන් සිදු කරන මෙම ප්‍රතිලාභීන්ගේ ආර්ථික මට්ටම ශක්තිමත්  කරලීමේ අරමුණින් දිවි නැගුම සංවර්ධන  නිලධාරීන් ආර්ථික සංවර්ධන නිලධාරීන්  විධිමත් ලෙස තෝරා  ගන්නා ලද මෙම ප්‍රතිලාභීන්  හට හැකි ඉක්මනින්  ප්‍රතිලාභ ලබා දිය යුතු බවයි.
තවද ප්‍රාදේශීය  ‍ලේකම් කාර්යාලවල මෙම භාණ්ඩ ගබඩා කර තබා  ගැනීමට නොහැකිව ප්‍රාදේශීය  ‍ලේකම්වරුන් අපහසුතාවයට පත්ව ඇති බවත් එම භාණ්ඩ  දිරා පත්වන   බැවින් ඒවා  බෙදා දිය යුතු බවත් ඒ තුළින් එම පවුල් ඒකක ශක්තිමත් වන බවත්, මෙසේ රජයේ  මුදල් වියදම් කර ඒවා අපතේ  නොහරින ලෙසත් මන්ත්‍රීවරයා ඉල්ලා සිටින ලදී. නමුත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා දන්වා සිටියේ එම භාණ්ඩ   බෙදාදීම නවතන  ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇති බවත් තමාට ඊට ඉහළින් ක්‍රියා කළ  නොහැකි බවයි. එබැවින්  මේ පිළිබඳව  අග්‍රාමාත්‍යවරයාගේ අවසරය ලබාගත යුතු බව අමාත්‍යවරයා  වැඩිදුරටත්  දිස්ත්‍රික්  සංවර්ධන කමිටුවට දැන්වීය.
මෙම අවස්ථාවට අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, නියෝජ්‍ය  අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  වන සුසිල්  ප්‍රේමජයන්ත, දිනේෂ් ගුණවර්ධන, ගීතාංජන ගුණවර්ධන, ගාමිණි ලොකුගේ යන මහත්වරුන්   සහ කොළඹ දිස්ත්‍රික්  ‍ලේකම්  කමල් පත්මසිරි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්  රැසක් සහභාගි විය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles