Thursday , 22 February 2024

රෝද දෙකේ නීති තද කරන්න යයි

යතුරුපැදි ධාවනය සම්බන්ධ මාර්ග නීති රීති මේ මස 10 වැනිදා සිට කි‍්‍රයාත්මක වන පරිදි වහාම දැඩි කරන බව පොලීසිය පවසයි.

යතුරුපැදි ධාවනයේදී සිදු වන අනතුරු දිනෙන් දින ඉහළ යාම නිසා මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව නියමිත මංතීරුවල ධාවනය නොවීම, ආරක්ෂිත හිස් වැසුමේ නිකට පටිය තද නොකර සිටීම හා ඉදිරිය අපැහැදිලිව තිබියදී අනෙකුත් වාහන ඉස්සර කිරීම ඇතුළු මාර්ග නීතිරීති කඩකරන යතුරුපැදිකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමට ලබන 10 වැනිදා සිට කටයුතු කරන බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...