කැළණියේදී කාන්තාවක් තම දරුවා වඩාගන්නා ලෙස ඇවිටිලි කරමින් ජනපති පසුපස ඇවිත් (වීඩියෝ)

ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (08) ජනපතිවරණය සදහා නාම යෝජනා ලබාදීමෙන් අනතුරැව ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලබාගැනීම ස`දහා කැළණි විහාරයට ගියේය.

සංවේදී මිනිසෙකුවන ජනපතිවරයා නොයෙක් අවස්ථාවල කුඩා දරුවන් දුටුවිට ඔවුන්ව වඩාගෙන ආදරයෙන් සුරතල් කරනා බව නොරහසකි.

ඒ නිසාදෝ ඊයේ ජනපතිතුමා පැමිණි අවස්ථාවේ කැළණි විහාරයේ තම දියණිය වඩාගෙන සිටි මවක් ජනපති ඉදිරියට ගොස් තම දරුවා වඩා ගන්නා ලෙස ඇවිටිලි කරමින් ජනපති රාජපක්ෂ පසු පස ගියාය.

…සර් පොඩ්ඩක් වඩාගන්නකෝ පොටෝ එකක් ගන්න… යනුවෙන් ඇය පැවසූ නමුත් එම අවස්ථාවේ කලබලයෙන් ගමන් කරමින් සිටි නිසා ජනපතිවරයා දරුවාගේ ඔලූව අතගෑ අතර දරුවා වඩාගන්නට වෙලාවක් තිබුණේ නැත.

එම අවස්ථාවේ වීඩියෝව ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශනය තුළදී පෙන්වූයේ පහත පරිදිය.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...