පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 250 දක්‌වා වැඩි කිරීමේ යෝජනාව අද ඉදිරිපත් කරයි.

-පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 250 දක්‌වා යෝජිත නව මැතිවරණ ක්‍රමය යටතේ වැඩි කිරීම හා ඒ සම්බන්ධ යෝජනා වලිය මැති වරණ කොම සාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා විසින් අද (30 දා) දේශපාලන පක්‍ෂ නායකයන් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් යෝජනා කර ඇති නව ක්‍රමය යටතේ ආසන 140 ක්‌ ආසන මට්‌ටමින් ජය ගන්නා පුද්ගලයන් මන්ත්‍රීවරුන් වශයෙන් පත්කෙරෙන අතර මනාප ක්‍රමය යටතේ දිස්‌ත්‍රික්‌ක මට්‌ටමින් මන්ත්‍රීවරු 80 දෙනෙක්‌ ද, ජාතික ලයිස්‌තුවෙන් මන්ත්‍රීවරු 30 දෙනෙක්‌ද තෝරා පත් කර ගැනීමට නියමිතය. මෙම නව ක්‍රමයට සියලු පක්‍ෂ එකඟ වුවහොත් දැනට ඇති මැතිවරණ කොට්‌ඨාශ 160 වෙනුවට නව මැතිවරණ කොට්‌ඨාස 140 ක්‌ නම් කෙරෙනු ඇත. ඒ සඳහා සීමා නිර්ණය කිරීම මැතිවරණ කොමසාරිස්‌ දෙපාර්තමේන්තුව සහ මිනුම්පතිවරයා විසින් සිදුකිරීමට නියමිතයි.

අද පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු ඒ ඒ පක්‍ෂවල මන්ත්‍රී කණ්‌ඩායම් අතර මෙම යෝජනා සාකච්ඡාවට ලක්‌වන අතර ඉන් පසු අප්‍රේල් 6 වැනිදා දේශපාලන පක්‍ෂ නායකයන් විසින් නැවත හමුවී සාකච්ඡා කර අවසන් තීරණය ගනු ඇත. එසේ එකඟතාව ඇතිවුව හොත් 20 වන ව්‍යවස්‌ථා සංශෝධනය ලෙස මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...