12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

මුරලිට ලංකාව එපා වෙලා ද?

-ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකරුවෙක් ලෙස කටයුතු කිරීමට තමන්ගේ කිසිම අදහසක් නොමැති බව ලොව පහළවු සුපිරි දග පන්දු යවන්නෙකු වන ශ්‍රී ලංකා ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.

ඔහු මෙසේ පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේදී පුහුණුකරුවෙක් ලෙස කටයුතු කිරිමට කිසියම් අදහස් පවතින්නේද යනුවෙන් ද හින්දු පුවතේ මාධ්‍යවේදියෙකු නැගූ පැණයකට පිළිතුරු ලෙසිනි.

හෙට (08) ආරම්භවීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස මුරලි කටයුතු කරයි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී වෙනසක් කළ හැකි කණ්ඩායමක් බවට සන්රයිසස් කණ්ඩායම පත්ව තිබෙන බවද ඔහු සඳහන් කළේය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles