සමන්ත ඉලේපෙරුම | Divaina
තංගල්ල “ද නේචර්” හෝටලයේදී 2011 දෙසැම්බර් 25 වැනිදා බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතනය කිරීමේත් ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය වූ වික්ටෝරියා ඇලෙක්සැන්දොaaවා සමූහ දූෂණය කිරීමේත් නඩුවේදී තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් සිව්දෙනා වැරදිකරුවන් වීම මත නියම වූ සිර දඬුවම් විස්තරය මෙසේය.
* රයන් අකලංක නමැති අයට තුවාල සිදුකිරීම පොදු අරමුණ කරගත් නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වීමේ වරදට (දණ්ඩ නීති සංග්‍රහයේ 140 වැනි වගන්තිය යටතේ) – මාස 06 බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම්.
* රයන් අකලංක නමැති අයට පොලු, කඩන ලද බෝතල්, පුටු, සිමෙන්ති කැබලි, ටී. 56 ගිනි අවියකින් හා අතින් පයින් පහර දී බරපතළ තුවාල සිදුකිරීමට කුමන්ත්‍රණය කිරීමේ වරදට (දණ්ඩ නීති සංග්‍රහයේ 146 වැනි වගන්තිය සමඟ කියවිය යුතු 317 වැනි වගන්තිය යටතේ) වසර දෙක (02) බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම්).
* කුරාම් ෂෙයික් නමැති අය ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ වරදට (දණ්ඩ නීති සංග්‍රහයේ 146 වැනි වගන්තිය සමඟ කියවිය යුතු 296 වැනි වගන්තිය යටතේ) – වසර 20 බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම්.
* වික්ටෝරියා ඇලෙක්සැන්දොaවා නමැත්තියට පුටු, පොලු, ගිනි පෙනෙළි හා අතින් පයින් පහර දී තුවාල සිදුකොට ඇය ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ වරදට (දණ්ඩ නීති සංග්‍රහයේ 146 වැනි වගන්තිය සමඟ කියවිය යුතු 300 වැනි වගන්තිය යටතේ) – වසර 10 බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම්.
* රයන් අකලංක නමැති අයට පොලු, කඩන ලද බෝතල්, පුqටු, සිමෙන්ති කැබලි, ටී. 56 ගිනි අවියකින් සහ අතින් පයින් පහර දී බරපතළ තුවාල සිදුකිරීමේ වරදට (දණ්ඩ නීති සංග්‍රහයේ 32 වැනි වගන්තිය සමඟ කියවිය යුතු 317 වැනි වගන්තිය යටතේ) – වසර 02 බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම්.
* කුරාම් ෂෙයික් නමැති අය ඝාතනය කිරීමේ වරදට (දණ්ඩ නීති සංග්‍රහයේ 32 වැනි වගන්තිය සමඟ කියවිය යුතු 296 වැනි වගන්තිය යටතේ) – වසර 20 බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම්
* වික්ටෝරියා ඇලෙක්සැන්දොaවා නමැත්තියට පුටු, පොලු, ගිනි පෙනෙලි හා අතින් පයින් පහර දී තුවාල සිදුකොට ඇය ඝාතනය කිරීමට තැත්කිරීමේ වරදට (දණ්ඩ නීති සංග්‍රහයේ 32 වැනි වගන්තිය සමඟ කියවිය යුතු 300 වැනි වගන්තිය යටතේ) – වසර 10 බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම්.
* වික්ටෝරියා ඇලෙක්සැන්දොaවා නමැත්තියව රංචු ගැසී දූෂණය කිරීමේ වරදට (1995 අංක 22 දරන පනතින් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ (364 (2) (උ) වගන්තිය යටතේ) – වසර 20 බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් ද රුපියල් 20,000 බැගින් දඩ ද රුපියල් ලක්ෂ දෙකක වන්දි ( වින්දිත කාන්තාවට ගෙවීමට)
* හෝටලයට රුපියල් 160,255 ක අනර්ථයක් සිදුකිරීමේ වරදට (දණ්ඩ නීති සංග්‍රහයේ 32 වැනි වගන්තිය සමඟ කියවිය යුතු 410 වැනි වගන්තිය යටතේ ) – වසර 08 බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම්.
* හෝටලයේ රුපියල් 41,526.80 ක් වටිනා මත්පැන් බෝතල් කීපයක් කොල්ලකෑමේ වරදට (දණ්ඩ නීති සංග්‍රහයේ 32 වැනි වගන්තිය සමඟ කියවිය යුතු 383 වැනි වගන්තිය යටතේ වසර 05 බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම්)
* නීත්‍යනුකූල බලපත්‍රයක් නොමැතිව ස්වයංක්‍රීය තුවක්කුවක් සන්තකයේ තබාගැනීමේ වරදට (1996 අංක 22 දරන තුවක්කු (සංශෝධිත) පනතින් සංශෝධිත 1916 අංක 33 දරන තුවක්කු ආඥ පනතේ 22 (1) වගන්තිය සමඟ කියවිය යුතු 22 (3) වැනි වගන්තිය යටතේ) – වසර 10 බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම්
චෝදනාවන්ට වැරදිකරුවන් වීම මත තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ නමැත්තාට අමතරව මෙහි සිර දඬුවම් නියම වූ අනෙක් අය වූයේ ඕබඩආරච්චිගේ ළහිරු කැලුම්, උඩුවනගේ සමන් දේශප්‍රිය හා වීරප්පුලිගේ ප්‍රගීත් චතුරංග නමැත්තන්ය.
මෙහි 5 වැනි විත්තිකරු වූ මොහොට්ටිගේ සරත් නොහොත් සනත් හා 6 වැනි විත්තිකරු වූ සරණආරච්චි පටබැඳිගේ චානුක චතුරංග නමැති අයට එරෙහි චෝදනා ඔප්පු වී නොමැති නිසා ඔවුන් නිදොස් කොට නිදහස් කර හරිනු ලැබීය.
විත්තිකරුවන්ට නියම කළ වසර 107 යි මාස 6 ක බරපතළ වැඩ සහිත සිර දඬුවම වසර 20 කින් ගෙවී යන ලෙසට පමුණුවන ලදී.