12.6 C
London
Thursday, May 15, 2025
spot_img

මොකක් හරි කරුමෙකට හැමදාම මගේ විවාහය කල් යනවා – මුතූ තරංගා

ඇයි ඒ, අලුත් සින්දු ගොඩක් යැපෙන්නෙ වීඩියෝව මත නේද?
ඔව්. ඒකත් එහෙම තමයි. ඒත් මට වීඩියෝ එකක් කරගන්න කාලයක් තිබුණේ නෑ. ඉක්මනින් කරන්න ඕන.

විෂුවල් එකේ රඟපාන්නෙත්, ඉන්නේ ඔයාම වේවි නේද?
ඔව්… ඔව්… අනිවාර්යයෙන්ම එහෙම තමයි.

මුතු පුද්ගලිකවම රස විඳින්නේ අලුත් සින්දුද? පරණ සම්භාව්‍ය සින්දුද?
මම අහන්න කැමැති පරණ සින්දු තමයි, ‍පොඩි කා‍ලේ ඉඳන් අපි ඇහුවේ ඒවානේ, ඒ නිසා.

ගමෙන් ආපු මුතු දැන් ගම අමතක කරලද කියලා කවුරු හරි ඇහුවොත්?
ඒක වැරදි කතාවක්. ගමේ වැඩවලට ආරාධනා ලැබෙනකොට ඉඩක් තිබුණොත් මම අනිවාර්යයෙන්ම යනවා, හැබැයි වැඩ වැඩි නම් එන්න වෙන්නේ නැති බව කෙළින්ම කියනවා.

කලා ලෝකයේ මුතුට අභියෝගයක් බව දැනෙන අලුත් නිළියක් නම් කළොත්?
ක්‍ෂේත්‍රයේ කවුරුවත් මට අභියෝගයක් ‍නෙවෙයි. මට තියෙන අභියෝගය මම ම තමයි.

මුතු ඇයි මේ ඕපදූප වබේ සයිට්වල නිතරම නම පළ කරන්නේ?
අනේ මන්දා, නිතරම මගේ ගැන ඒවායේ විස්තර පළවෙනවා. එක අතකට ඒකත් හොඳයි. අපි තවත් ජනප්‍රිය වෙනවනේ.

ඒත් නමට නරක විස්තරයක් ඒවායේ පළ වුණොත්?
ගොඩක් මිනිස්සු මගේ ගැන ඇත්ත දන්නවා. දැන් මිනිස්සු ඉස්සර වගේ ‍නෙවෙයි, ගොඩක් අය හොඳ අවබෝධයකින් වැඩ කරනවා.

ගායනය, රංගනය ඇරුණාම මුතු විනෝද වෙන්නේ තවත් මොන දේවල්වලින්ද?
මම මගේ ඇඳුම් නිර්මාණය කරගන්නවා. ඒක මට සතුටක්, මහන්න, ලස්සන ඇඳුම් නිර්මාණය කරගන්න මම පුරුදු වුණේ මගේ අම්මගෙන්.

මේ ආපු ගමනේ මුතූ ආදර්ශයට ගත්තේ කවුරුන්වද?
එහෙම කෙනෙක් හිටියේ නෑ. ස්වර්ණා මල්ලවආරච්චි මහත්මියට මම ගොඩක් කැමැතියි. ඉස්සර මම එතුමියගේ රසිකාවක්.

රූපය වෙනුවෙන් නිළියකට ලොකු කැපකිරීමක් කරන්න වෙනව නේද?
ඔව්… ඒක නැහැයි කියන්න බෑ. මම ටික දවසකට කලින් ගොඩක් මහත්වෙලා හිටියා. අමාරුවෙන් ආපහු මේ කෙට්ටු වෙලා ඉන්නව.

අපිටත් කියන්නකෝ එහෙම වීමේ රහස් වට්ටෝරුව?
අ‍පෝ වට්ටෝරු නෑ. මම ජිම් යනවා. කට පරිස්සම් කරගෙන කෑම කනවා. එච්චරයි.

මනමාලියක් වෙන්න හිතිලාවත් ද මේ තරම් ලස්සන වෙන්නේ?
අයියෝ නෑ… විවාහය බාලගිරි දෝෂය වගේ වෙලා. හැමදාම ඒක අද ‍නෙවෙයි හෙට කිය කිය ඉන්න වෙලානේ මට

ඉතින් ඇයි හැමදාම විවාහය කල් දාන්නේ?
අනේ මන්දා, මොකක් හරි කරුමෙකට හැමදාම විවාහය කල් යනවා. ලබන අවුරුද්දේවත් අපට එක වහලක් යටට එන්න ලැබුණොත් හොඳයි. අපි මගේ රසික රසිකාවියන්ගෙන් ඉල්ලමු ඒ වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න කියලා.

නයනි බුද්ධිප්‍රිය
Rivira

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles