මෛත්‍රීපාලගේ වේදිකාවට ගිනි තැබීම: සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ පරීක්ෂණ (VIDEO)

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැළියක් සඳහා වදුරඹ ඉදිකර තිබු වේදිකාවකට කිසියම් පිරිසක් ඊයේ උදැසන ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ තව දුරට ත් ක්‍රියාත්මකයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ සිද්ධිය සිදුවූ අවස්ථාවේ අසල නිවසක තිබූ සී.සී.ටි.වී. කැමරාවක සටහන් වූ දර්ශන ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක බව ය.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ3ක් මේ වනවිට සටහන් කර අවසන් බව ත්, ගාල්ල සහකාර පොලිස් අධිකාරිවරයා යටතේ පරීක්ෂණ ක්‍රියාත්මක වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

වදුරඹ නගරයේ ඊයේ රාත්‍රීයේ පැවැත්වීමට නියමිතව තිබූ රැළිය සඳහා එම වේදිකාව ඉදිකර තිබුණි.

ඊට රැගෙන ආ ශබ්ද විකාශන යන්ත්‍ර ගෙනවිත් තිබූ ලොරියට ද ගිනිතබා ඇති අතර අප වාර්තාකරු පැවසුවේ එහි තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර සියල්ලක්ම විනාශ වී ඇති බව ය.

Check Also

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...

ජනපති මැදුරේ මන්දිරය ගැන මහින්ද කියයි

( අම්ත් මධුරංග ) 2015-10-25 ජනාධිපති මන්දිරයේ තිබුණේ භූගත මන්දිරයක් නොව යුද සමයේදී සාකච්ඡා පැවැත්වූ ...