12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

අගුණකොලපැලැස්සේදී ජනපති ඝාතන සැලසුමක්?

පසුගියදා ( 25)හම්බන්තොට අඟුණකොලපැලැස්සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත සම්මේලන උත්සව භූමියට නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂක නිළධාරියකු පිස්තෝලයක් සමඟ ඇතුලුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භකර ඇත.

ජනාධිපතිවරයා සහභාගී වන උත්සව හෝ ‍රැස්වීම්වල ආරක්ෂාව සම්පූර්ණයෙන්ම භාර පවතින්නේ ජනාධිපති ආරක්ෂක අංශයට වන අතර එවැනි අවස්ථාවල ඔවුන් පනවන ආරක්ෂක සීමාවෙන් මෙපිටට කිසිදු මන්ත්‍රීවරයකුට සිය පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් ආයුධ සහිතව ගෙන්වා ගැනීම සපුරා තහනම්ය. ඇමැති ආරක්ෂක අංශයටද එම සීමාව බලපවත්වන අතර කිසිදු පොලිස් නිලධාරියකුට හෝ ආයුධ සහිතව පැමිණිය නොහැක.

නාමල් රාජපක්ෂගේ ආරක්ෂක නිළධාරියා හමුදා කොප්‍රල්වරයකු බව හඳුනාගෙන තිබේ. ඔහු ජනාධිපතිවරයා සිටි උත්සව භුමිය අසලට යෑමට ගත් උත්සාහය විශෙෂ පොලිස් කාර්යබලකා සෙබළුන් විසින් වලක්වනු ලැබූ අතර ඔහුව පරික්ෂා කිරීමේදී ඔහු සතුව පිස්තෝලයක් තිබී හමුවී තිබේ.

මන්ත්‍රී ආරක්ෂකයන්ට ප්‍රභූ ආරක්ෂවේ විධිවිධානයන් නීති රීති සියල්ල සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදුකර තිබියදී නාමල් රාජපක්ෂගේ ආරක්ෂකයා මෙලෙස පිස්තෝලයක් ‍රැගෙන නීති රීති උල්ලංඝනය කරමින් ජනාධිපතිවරයා අසලට පැමිණීමට උත්සහ කිරීම තුල ජනාධිපති ඝාතන සැලසුමක් තිබුණේද යන්න සැකයක් මේ වන විට ඇතිව තිබේ. එමෙන්ම එම ‍රැස්වීම අවස්ථාවේදී මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවෝ ඒ කඩාකප්පල් කිරීම සඳහාද දැඩි උත්සාහයක් දරනු ලැබීය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles