මුහුදේ නාමින් සිටි රූමත් ජර්මන් කතට කලිසම පහත් කර සිය නිරුවත පෙන්වූ මීරිගම සමීර

0
104

ශ්‍රී ලංකාවේ සිරි නැරඹීමට පැමිණ මීගමුව සංචාරක පුරයේ මුහුදේ නාමින් සිටි රූමත් ජර්මන් ජාතික කතකට නිරුවත පෙන්වා ඇයට අප්‍රසන්න තාවයක්‌ ඇති කළ බව කියන ගුවන් භටයකු පිලිබඳ පුවතක් මීගමුව පොලිසියෙන් අප වෙත වාර්තා වෙනවා.

මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇප ප්‍රතික්‍ෂේප වී රිමාන්ඩ් භාරයට පත් සැකකාර ගුවන් භටයා වූයේ මීරිගම පදිංචි සමීර ලංකා රුවන්තිලක නමැත්තෙකි.

එම සැකකරුට එරෙහිව මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් ගොනු කළ පැමිණිල්ල අනුව මෙම සිද්ධියට මුහුණ දුන් ජර්මන් ජාතික කාන්තාව 25 හැවිරිදි රුවැති කාන්තාවකි.

ඇය සිය සැමියා සමග සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඔවුන් මීගමුව සංචාරක කලාපයේ සංචාරක හෝටලයක ලැගුම් ගෙන ඇත. පසුව ඔවුන් තමන් නැවතී සිටි සංචාරක හෝටලයට නුදුරින් වූ මුහුදේ නෑමට ගොස්‌ ඇත.

එහිදී විදේශික කතගේ සැමියා මුහුදු වෙරළේ සිටියදී ඇය තනිවම මුහුදේ නෑමට ගොස්‌ ඇත. එම අවස්‌ථාවේ සැකකරු ද මුහුදේ නාමින් සිට ඇත. පසුව සැකකරු ජර්මන් කතගේ ළඟට පිහිනා ගොස්‌ ඇගේ ශරීරය බලෙන් ස්‌පර්ශ කර ඇත.

එම ක්‍රියාව පිළිබඳව දැඩි විරෝධයක්‌ දැක්‌වූ කත සිය අප්‍රසාදය දක්‌වමින් සැකකරුට බැණ වැදී ඇත. ඉන් අනතුරුව සැකකරු සිය කලිසම පහත් කර ජර්මන් කතට සිය නිරුවත පෙන්වා ඇත.

මීගමුව පොලිසිය පැමිණිල්ල මෙහෙය විය. විත්තිය වෙනුවෙන් නීතිඥ වෙනුර ගුණවර්ධන මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය අප්‍රේල් මස 29 වැනි දින පැවැත්වේ.