19.2 C
London
Monday, May 19, 2025
spot_img

නිකම් ඇඳුම් ගන්න යට ඇඳුමෙන් එයි

ඉතාලියේ රෝමය හා ටියුරින් යන නගරවල ඇගලූම් වෙළද සළක් ආසන්නයේ පසුගියදා දැකගත හැකි වූ අපූරු දසුනකි.
යට ඇදුමින් පමණක් සැරසුණු කාන්තාවන් හා පිරිමින් පිරිසක් වෙළදසළ විවෘත වන තෙක් පෝලිම් ගැසී බලා සිටියහ.තවත් සමහරු තමන්ගේ යට ඇදුම් පමණක් ඉතිරිවන තෙක් ඇගලූම් උනා දමමින් සිටියහ.
අවසානයේ වෙළදසළ විවෘත වුණු පසු ඔවුහු සියලූ දෙනා එතුළට දිව ගියහ.පිස්සුවෙන් මෙන් ඔවුන් ඇදුම් තෝරමින් තම විළි වසා ගනු දැකගත හැකි වුනි.

මේ ඩෙසිගුවල් නම් ස්පාඤ්ඤ ඇගලූම් වෙළදසල් ජාලය වසරක් පාසා කි‍්‍රයාත්මක කරන වෙළදප‍්‍රචාරක වැඩසටහනකි.වෙළදසැළ නිවේදනය කරන දිනයේදී ඊට පැමිණෙන පළමු 100 දෙනාට නොමිලයේ ඕනෑම ඇදුමක් ලබා ගත හැකිය.එකම කොන්දේසිය ඇදුම් ලබා ගැනීමට තම තමන්ගේ යට ඇදුම් වලින් සැරසී පැමිණීමයි.

පළමු සිය දෙනා අතරට ඇතුළත් වීමට නොහැකි වූවන්වද වෙළදසැළේ බළධාරීන් අමතක නොකරයි.ඔවුන්ට එම දිනයේදී අන් දිනවලට වඩා සියයට 50 ක් මිල අඩුවෙන් ඇගලූම් මිලදී ගත හැකිය.
මෙවර වැඩසටහන කි‍්‍රයාත්මක වී ඇත්තේ ඉතාලියේ වුවත් පෙර වසර වලදී එය බි‍්‍රතාන්‍යය ඇමරිකාව,ජපානය වැනි රටවල ඇති ඩෙසිගුවල් ජාලයට අයත් වෙළදසැල් වල කි‍්‍රයාත්මක කර ඇත.එළැඹෙන වසරේදී ප‍්‍රංශයේ පැරිස් නුවරදී මෙය කි‍්‍රයාවට නැංවීමට සැළසුම් කර ඇතැයි සදහන්ය.

lankadeepa

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles