මන්ත්‍රී නාමල්ගේ නම විකුණා ලක්ෂ ගණන් මුදල් ගැරූ අයෙකු අල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ‍ලේකම්වරයකු ලෙස පෙනී සිටිමින් රජයේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ ප්‍රදේශ රැසක පුද්ගලයන් රවටා රුපියල් ලක්ෂ ගණනින් වංචාවල නිරත වූ පුද්ගලයකු ‍පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන්විසින් ඊයේ (9) අත්අඩංගුවට ගනු ලැබිය.

මහාචාර්ය ඩී.එස්.පී. විතානගේ නමින් පෙනී සිටි මෙම පුද්ගලයා 6 ශ්‍රේණිය දක්වා පමණක් අධ්‍යාපනය ලැබූ වෘත්තියෙන් ඇඳුම් මසන්නෙක් බව ‍පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගන්නා විට ඔහු සතුව හඳුනාගැනීමේ කාඩ්පත් තොගයක්ද තිබි ඇත. ගිරුවාපත්තුවෙන් තල්අරඹට සංවිධානයේ මහරගම සංවිධායක, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පක්ෂයේ නායක, ආචාර්ය, දේශබන්දු, මුළු දිවයිනටම සාම විනිසුරු ආදී පට්ටම් තොගයක්ද, සන්ටෙක් ඉන්ටර් ප්‍රයිසස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ සහ සමන් ග්‍රාමීන් ජනතා සංවර්ධන පදනමේ අධ්‍යක්ෂ ලෙසත් තනතුරුද එම කාඩ්පත්වල සඳහන්ව තිබි ඇත.
ගිරුවාපත්තුවෙන් තල්අරඹට නමැති සංවිධානයේ මහරගම සංවිධායක ධුරය නාමල් රාජපක්ෂ මහතා විසින් ලබාදුන් බව ඔහු පවසා ඇති බව ‍පොලීසිය සඳහන් කරයි. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පක්ෂය ලෙස පක්ෂයක් මෙරට ලියාපදිංචිකොට නැති බවද ‍පොලීසිය සඳහන් කරයි.
පුවත්පත් සහ රූපවාහිනීවල නාමල් රාජපක්ෂ මහතා ගැන පළවන තොරතුරු රැස්කරගෙන නාමල් රාජපක්ෂ මහතාට සමීප පුද්ගලයෙක් ලෙස පෙනී සිටිමින් ඔහු රැකියා වංචාවේ නිරතව සිට ඇතැයි ‍පොලීසිය කියයි.
රජයේ රැකියා වෙනුවෙන් රුපියල් ලක්ෂ 6,5,4,3,2 වශයෙන් ඔහු රට පුරාම මුදල් එකතු කරගෙන ඇතැයි ‍පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
දඹුල්ල, කන්ත‍ලේ, කැබැතිගොල්ලෑව, ගම්‍පොළ, හෝමාගම, නුගේගොඩ ආදී ප්‍රදේශවලින් මේ වන විට ඔහුට එරෙහිව පැමිණිලි ගලා එන බවද ‍පොලීසිය සඳහන් කරයි.
මෙම වංචාව කිරීමේදී ඔහු වබේ අඩවියක් පවා සකස් කොට සමන් ග්‍රාමීන් ජනතා සංවර්ධන පදනමෙන් ජනතාවට සහන ලබාදෙන බවට රැවටීමකටද පුද්ගලයින් හසුකරගෙන ඇතැයි ‍පොලීසිය සඳහන් කරයි. මෙම පදනමේ නමින් ඔහු දිවයින පුරා රැස්වීම් පවත්වා ඒ අතරතුර රජයේ රැකියා ලබාදීම සඳහා යැයි පවසා මුදල් එකතුකරගෙන ඇතැයි ‍පොලීසිය කියයි.
පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු මේ ආකාරයේ වංචාවල නිරත වූ පළමු අවස්ථාව වන්නේ මෙය පමණක් නොවන බවද ‍පොලීසියට තොරතුරු ලැබි තිබේ. ඒ ගැනද විමර්ශන පවත්වන බව ‍පොලීසිය කියයි. සැකකරු වයස අවුරුදු තිස්පහක පමණ අයෙකි. නාමල් රාජපක්ෂ මහතාව රූපවාහිනියෙන් සහ පුවත්පත්වලින් හැරුණුකොට ඔහු කිසිදිනක පියවි ඇසින් දැක නැති බවද විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
ජනාධිපති සහ පවු‍ලේ සාමාජිකයන්ගේ නම් භාවිතා කරමින් කෙරෙන වංචා විමර්ශනයට ‍පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා විසින් පත්කොට ඇති විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී එන්.ඒ. ජයසිංහ, සහකාර ‍පොලිස් අධිකාරී ඩී.ඩී.වී. පතිරගේ යන මහත්වරුන්ගේ උපදෙසින් එම ඒකකයේ ස්ථානාධිපති උප‍පොලිස් පරීක්ෂක අජිත් සේනානායක, සැරයන්වරුන් වන තුසිත (33167), ගුණසේකර (25322), සරච්චන්ද්‍ර (22623), කොස්තාපල්වරුන් වන නලීන් (61579), රුවන් (55393), අතුල (4650) සහ සැරයන් රියැදුරු සිල්වා (9146) යන නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.

යාන් කුමාර වීරසිංහ

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...