22.6 C
London
Thursday, June 19, 2025
spot_img

නාමල් ට විතරක් කමාන්ඩෝ දුන්නේ කොහොමද ?

අඟුණකොළපැලැස්‌සේ පැවැති රැස්‌වීමකට පැමිණ සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමීපයට යුද හමුදා කොමාන්ඩෝ බළකායේ කෝප්‍රල්වරයකු පිස්‌තෝලයක්‌ සඟවාගෙන යැමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.

මෙම හමුදා කෝප්‍රල්වරයා නාමල් රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂක නිලධාරියකු ලෙස කටයුතු කරන අයකු වීම නිසා මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව පොලිසිය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරක්‍ෂාව ලබාදීමේ කාර්යභාරය පොලිස්‌ දෙපාර්තමේන්තුව වෙත පැවරී තිබියදි නාමල් රාජපක්‍ෂ මහතා පමණක්‌ සිය ආරක්‍ෂාව සඳහා යුද හමුදා කොමාන්ඩෝ නිලධාරීන් යොදවා ගත්තේ කෙසේද යන්න ගැටලු සහගත තත්ත්වයක්‌ බව පොලිසිය කියා සිටියි.

මේ අතර නාමල් රාජපක්‍ෂ මහතාගේ රියෑදුරු ලෙස කටයුතු කරන්නේ ද යුද හමුදා නිලධාරියකු බව පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.

අඟුණකොළපැලැස්‌සේ පැවැති රැස්‌වීම් භූමියේ සිටියදී පොලිස්‌ විශේෂ කාර්ය බළකාය මගින් අත්aaඅඩංගුවට ගත් යුද හමුදා කෝප්‍රල්වරයා ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් විසින් ඒ අවස්‌ථාවේ ම මුදාහැරීම පිළිබඳව ද ඉහළ පෙළේ පරීක්‍ෂණයක්‌ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇත.

පොලිස්‌ ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් ඒ අවස්‌ථාවේ ක්‍රියා කර ඇත්තේ කිසිදු වගකීමකින් තොරව බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 25 වැනිදා අඟුණකොළපැලැස්‌සේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ පාක්‍ෂිකයන්ගේ සහභාගීත්වයෙන් රැස්‌වීමක්‌ පැවැත්විණි.

එම රැස්‌වීම් භූමියට ඇතුළු වූ සියලුම පුද්ගලයන් ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් විසින් දැඩි පරීක්‍ෂාවට ලක්‌ කර තිබිණි. එහෙත් නාමල් රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂක නිලධාරියා කිසිදු පරීක්‍ෂාවකට ලක්‌ නොවී පිස්‌තෝලයක්‌ ද රැගෙන රැස්‌විම් භූමියට ඇතුළු වී ජනාධිපතිවරයා සමීපයට ගොස්‌ ඇත.

ඒ අවස්‌ථාවේ රැස්‌වීම් භූමියේ ආරක්‍ෂාවට සිටි පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මෙම හමුදා නිලධාරියා දැක ඔහු සිය භාරයට ගෙන පරීක්‍ෂා කර තිබේ. ඒ අවස්‌ථාවේ ඔහු සඟවාගෙන සිටි පිස්‌තෝලය ද හමුවී ඇත. මේ පිළිබඳව පුළුල් විමර්ශනයක්‌ පැවැත්වීමට සැකකරු ජනාධිපති ආරක්‍ෂක අංශය වෙත භාරදී ඇති අතර පසුව කිසිදු පරීක්‍ෂණයක්‌ නොපවත්වා ඔහු මුදාහැරීමට කටයුතු කර ඇත.

ආයුධ සන්නද්ධව ජනාධිපතිවරයා සමීපයට ගිය යුද හමුදා කොමාන්ඩෝ බළකායේ කෝප්‍රල්වරයා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

ජනාධිපතිවරයාගේ ආරක්‍ෂාවට යොදවා සිටින ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් ඉතාම දුර්වල ආකාරයට සිය රාජකාරිය සිදු කර ඇති බව පරීක්‍ෂවලදී හෙළි වී තිබේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles