නාමල් අධිකරණයේ “හැමර් ” එක කපාගෙන කයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ උපන් දිනය පසුගියදා (10) යෙදී තිබුණි.

මන්ත්‍රීවරයා එදින බෙලිඅත්ත කාල්ටන් පෙර පාසල් සමූහයේදී කේක් ගෙඩියක් කපා සිය උපන්දිනය සැමරීය. මේ අතර කාල්ටන් පෙර පාසලේ අලුත් අවුරුදු උත්සවයටද මන්ත්‍රීවරයා සහභාගී විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම නීතීඥයෙකුද වන නාමල් රාජපක්ෂ මහතා සිය උපන් දින කේක් ගෙඩිය නිර්මාණය කර ඇත්තේ අධිකරණයේදී විනිසුරුවරුන් භාවිත කරන කෝට් හැමර් (court hammer) එකක් සහ පොතක් සහිතවයි.

මෙම අවස්ථාවට හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියද සහභාගී විය.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...